Connect with us

පුවත්

රනිල් පොහොට්ටුව විනාශ කළා

Published

on

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කලහම අපි සමඟ සිටින්නේ කවුරුන්ද කියා අපට දැන ගත හැකි බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව මාධ්‍යයෙන් බොහෝ අයගේ නම් පවසා සිටියද, එතරම් ගණ්නක් ඔහුට නොමැති බව තමා පක්ෂයක් ලෙස දන්නා බව ඔහු කියා සිටියේය.

ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් පක්ෂය තීන්දුවක් ගැනීමට පෙර පිරිසක් සමඟ ජනාධිපති තීන්දුවක් ගත් බවත් එය පක්ෂයට විශාල ගැටළුවක් බව ඔහු අවධාරණය කලේය.

පක්ෂය සමඟ කටයුතු සිදු කරනවා නම් පක්ෂය සමඟ තීන්දු ගත යුතුව ඇති බවත්, එසේ නොමැතිව තැන් තැන්වල ගොස් ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරනවා යැයි පැවසීම සුදුසු නොවන බව ඔහු කියා සිටියේය.

ඒ අවස්ථාවේ පක්ෂය අක්‍රිය තත්ත්වයට පත්වූ බව ඔහු අනාවරණ කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවැනි අවස්ථාවකදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීන්දුවකට පැමිණි බවත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිකේෂ කිරීමට කටයුතු කල බවයි.ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කලහම අපි සමඟ සිටින්නේ කවුරුන්ද කියා අපට දැන ගත හැකි බවය.

රනිල් වික්‍රමසිංහ හට සහාය දෙන බව මාධ්‍යයෙන් බොහෝ අයගේ නම් පවසා සිටියද, එතරම් ගණ්නක් ඔහුට නොමැති බව තමා පක්ෂයක් ලෙස දන්නා බව ඔහු කියා සිටියේය.

ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් පක්ෂය තීන්දුවක් ගැනීමට පෙර පිරිසක් සමඟ ජනාධිපති තීන්දුවක් ගත් බවත් එය පක්ෂයට විශාල ගැටළුවක් බව ඔහු අවධාරණය කලේය.

පක්ෂය සමඟ කටයුතු සිදු කරනවා නම් පක්ෂය සමඟ තීන්දු ගත යුතුව ඇති බවත්, එසේ නොමැතිව තැන් තැන්වල ගොස් ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරනවා යැයි පැවසීම සුදුසු නොවන බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටි අතර ඒ අවස්ථාවේ පක්ෂය අක්‍රිය තත්ත්වයට පත්වූ බව අනාවරණ කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවැනි අවස්ථාවකදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීන්දුවකට පැමිණි බවත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිකේෂ කිරීමට කටයුතු කල බවයි.

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved