Connect with us

පුවත්

රනිල් විජේදාසට යන්න කියලද? නැද්ද?

Published

on

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

කෙසේවෙතත් අදාළ තනතුර සම්බන්ධයෙන් මේ විට අධිකරණය මගින් වාරණ නියෝගයක්ද පනවා තිබේ.

මේ අතර,  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව පවසා තිබේ.

පුවත්

දුම්රිය වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද

Published

on

By

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවය.

උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක නිරත වූ අතර, අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩවර්ජනය තාවකාලිකව නතර කරන ලදී.

කෙසේවෙතත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පෙරවරුවේ රැස් වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කලේය.

මේ අතර, ගුරු- විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේ දී යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගුරු-විදුහල්පතිවරුන්ට වැඩවර්ජනයකට යාමට සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“විවිධ තර්ජන දාලා වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන්න ජනාධිපති උත්සාහ කරනවා. අපි දැවැන්ත විරෝධතා, විශාල උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අනිවාර්යයෙන්ම පාසල් පද්ධතිය තුළ මෙය ක්‍රියාවට නංවනවා. වැඩවර්ජන දක්වා මේ තත්ත්වය දරුණු වෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි කියනවා…”

Continue Reading

පුවත්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවය.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එහි සඳහන්ය.

තවද, උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතී.

මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි.

Continue Reading

පුවත්

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ මතය

Published

on

By

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අයවැයෙන් ඉල්ලා තිබූ බිලියන 10ක මුදල ලැබී ඇති බැවින් මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ද මැතිවරණ කොමිසම පවසයි.

කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයට අදාළ කඩදාසි සම්බන්ධයෙන් ද මෙතෙක් ගැටළුවක් නොමැති බවය.

එමෙන්ම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ දිනය දැනුම් දෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී..

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බවය.

ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved