Connect with us

පුවත්

රමේෂ් ඝාතනයට චමුදිත CID යට කැඳවයි! (වීඩියෝ)

Published

on

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම, ආරක්ෂක විශ්ලේෂකයකු සමග Truth with Chamuditha නාලිකාවේ සාකච්ඡාවක් පවත්වා සයිබර් අවකාශයට මුදාහැර තිබු අතර අදාල සිද්ධියට පසුබිම් වූ කරුණු කාරණා රාශියක් එමගින් අනාවරණය කර තිබේ.

”ජනශක්ති සභාපති මහ මග මරලා දාලා යනකන් පොලීසිය මොනවද කලේ.”

”සැකකරු තිළිණි ප්‍රියමාලී ටත් වඩා ලොකු මූල්‍ය වංචාකාරයෙක්.”

”බ්‍රයන් තෝමස් ඔය තැනට ගෙනාවේ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයක අයිතිකාරයෙක්.”

”මේ වංචාකාරයට මියගිය පුද්ගලයා විතරක් නෙමේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයො ක්‍රිකට් ක්‍රීඩකයෝත් අහුවුනා.”

”පොලිසිය හරි වෙලාවේ හරි විදියට විදිහට වැඩ කරානම් දිනේෂ් සාෆ්ටර් මහමග මැරෙන්නේ නෑ.”

ආදී ලෙස කරුණු කාරණා රැසක් පිළිබඳව  ආරක්ෂක විශ්ලේෂක කීර්ති රත්නායක කරුණු ගෙනහැර දක්වා ඇත.

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවමත් අභිරහසක්ව තිබේ.

ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමණාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ රක්ෂණ සමාගමක සමූහ අධ්‍යක්ෂවරයෙකු වන ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

ඔහුගේ දෑත් පිටුපසට කර ප්ලාස්ටික් වලින් තැනූ දෙයකින් ගැටගසා තිබී ඇති අතර ඔහුගේ ශරීරය සහ ගෙල වයරයකින් වාහනයේ ආසනයට තබා ගැටගසා තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ගෙල සිර කිරීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි වෛද්‍ය වාර්තා අනුව පෙනී යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී (දෙසැම්බර් 15වැනිදා) පස්වරුවේ ෂාෆ්ටර් සොයා ගැණුනි.

පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේය.

මූලාශ්‍රය- ද ලීඩර්

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved