Connect with us

පුවත්

රාජගිරියේ “දැවැන්ත සුදු අලියෙක්”

Published

on

රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්‍රතිලාභ නගර සභාව වෙත ලැබී නැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

මෙම සංකීර්ණය තුල කඩ එකසිය ගණනක් හිස්ව පවතින බවත් තවත් කඩ කාමර රැසක මාසික කුලිය ගෙවන්නේද නැති බවත් හෙතෙම චෝදනා කරමින් අදහස් පල කලේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පල කරන ලදී.

මෙම වෙළඳ සංකීර්ණයේ නඩත්තු කුලිය පවා නොගෙවන බවත් පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඒ හේතුවෙන් මෙම සංකීර්ණය දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බවකි.

‘ජන ජය සිටි’ වෙළඳ සංකීර්ණය රාජගිරියේ ඇති දැවැන්ත සුදු අලියෙක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

වීඩියෝ – AsianMirror

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved