Connect with us

පුවත්

රාජ්‍ය ආයතන 13කට IT යොදාගැනීමට වැඩසටහනක්

Published

on

2023.03.23 කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් දින වකවානු සහිතව වැඩපිළිවෙළක් 2023.05.15 පෙර ලබාදෙන ලෙස නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවනු ලැබීය.

ඒ අනුව එම කමිටුව විසින් සකස්කළ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම සඳහා  කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී රැස් විය.

මේ අනුව රාජ්‍ය ආයතන 13 කට අදාළව තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කළේය.  මෙහිදී පහත ආයතන 13ට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් පැදිලිකිරීම සිදු කරන ලදි.

– පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
– ශ්‍රී ලංකා රේගුව
– ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
– කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
– ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
– මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
– සුරාබදු දෙපාර්තමේන්තුව
– දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
– සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
– රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
– ආහාර පාලන ඒකකය , සෞඛ්‍ය අමාත්‍යාංශය
– කොළඹ මහා නගර සභාව
– මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

මෙහිදී මෙසේ තොරතුරු තාක්ෂණය යොදාගැනීමේදී මතුවන ගැටලු, එම යොදාගන්නා මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ නඩත්තුකිරීම පිළිබඳ කෝපා කමිටුව දීර්ඝව සාකච්ඡා කළේය. විශේෂයෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සහ එහිදී භාවිත කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංග සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයද (ICTA) මෙම කාර්යයට තම ආයතනයෙන් ලබාදෙන දායකත්වය පිළිබඳව පැහැදිලි කරන ලදි. එසේම මේ සඳහා නිලධාරීන් පිරිසක් Zoom තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ විය.

පුවත්

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් තුනකගේ වැඩ තහනම්

Published

on

By

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිය නොමැතිව පිටතට ගත් සිරකරුවන් සිවු දෙනෙක් පැනගිය සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පැනගිය 3 දෙනෙකු යලි නිලධාරීන් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Continue Reading

පුවත්

චිත්‍රපට රූගතකිරීමක් නිසා උඩරට කෝච්චි මගින් නවතියි

Published

on

By

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට (09) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි.

ඇල්ල දුම්රිය  ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම දුම්රිය ස්ථානයන්හි සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථාන වලට ගමන් කිරීමට බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතිවන සංචාරක ආකර්ෂණය පිළිබඳ සලකා බලා  රූගත කිරීමට අවසර ලබා දී ඇතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

Published

on

By

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved