Connect with us

පුවත්

රාජ්‍ය ඇමති ප්‍රසන්නට පොලිස් පොතේ ලියැවුණු විභාග නොවූ පැමිණිලි 26ක්

Published

on

නාගරික සංවර්ධන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාට රාජ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අයථා කරුණු සම්බන්ධව තලංගම, මිරිහාන, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිලි 26ක් පිළිබඳව කිසිම විමර්ශනයක් සිදුකර නැතැයි “මගෙන් රටට” සංවිධානයේ සභාපති  සංජය මහවත්ත මහතා කියයි.

ඔහු වැඩිදුරටත් ‌මෙසේ කීය.

“රජයට අයිති ඉඩමක් බලහත්කාරයෙන් ඇමති ප්‍රසන්න රණතුංග භුක්තිි විඳිනවා.  තවත් චෝදනා රාශියක් ඔහුට  තියනවා. මේ චෝදනා ගොනු කළ පසු පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැනයි දැන් අපට  ගැටලුව   තියෙන්නේ.”

“මේ පැමිණිලි විභාග නොවීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනු කළේ ඒ නිසා”

“ඒ  පැමිණිල්ල ට අදාලව කොමිසම තලංගම පොලිස් ස්ථානාධිපති, මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චූදිතයන් කර ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.”

“අද එහි විභාගයට කැඳෙව්වා. තලංගම පොලිසියෙ ඕඅයිසී විතරයි ආවේ. මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිසමට ආවෙ නෑ. ඔවුන්ගේ නොපැමිණිම ගැන කරුණු විමසන්න කොමිසම සූදානම් බව අපට දැනුම් දුන්නා.”

මේ අතර, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිදුකරන දූෂණය සම්බන්ධව වීඩියෝ සාක්ෂි සහිතව රටට හෙළි කළ රන්ජීවි ද සිල්වාට  එරෙහිව තලංගම පොලිසිය විසින් ගොනු කළ නඩුවෙන් ඇයව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ඊයේ (19) තීන්දු කළ‌ේය.

2021 නොවැම්බර් මස තලංගම පොලිසිය විසින් ගොනු කළ එම නඩුව අවුරුද්දයි මාස 10ක් පුරා විභාග වෙමින් තිබිණි.

නිදොස් කොට නිදහස් කළ රන්ජිවි ද සිල්වා ඊය‌ේ මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ තමන් කිසිම වරදක් නොකළ  බවයි.

අදාල නඩුව නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය මත තලංගම පොලිසිය විසින් ගොනු කර තිබුණේ යැයි ද  අධිකරණය තේරුම් ගත් බවය.

ඇය මෙසේද කීවාය.

“ සිද්ධියට සම්බන්ධව  තලංගම පොලිිසය මම දාපු කිසිම පැමිණිල්ලකට හෝ ඔවුන් ක්‍රියා කළේ නෑ. ඒත් ඔවුන් මට විරුද්ධව නඩුවක් දැම්මා. මේ වනවිට ප්‍රසන්න රණතුංග රජයේ දේපල අවභාවිතා කරන හොරෙක් කියලා නීත්‍යානුකූළව ඔප්පු වෙලා ඉවරයි. ඒත්  තලංගම පොලිසිය කරන්නේ මං වගේ අහිංසක ඇත්ත කතා කරන, නීතියට සාමයට ගරු කරන මිනිස්සුන්ට නඩු දාලා හොරු රකින එක.”

“ මට මේ අගතිය කළ පොලිසියෙ     හැමෝටම එරෙහිව නඩු දානවා. නාගරික සංවර්ධන අධිකාරියටත් එරෙහිව නීතිය ඉදිරියට යනවා. අපි එක්ක රැඳී ඉන්න. ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනතුරු මේ සටන අත්හරින්නෙ නෑ. මොකද ඔහු මේ වනවිට ඉන්න ඕන ඇමති ධූරයක නොවෙයි, හිරේ නිසා.” රන්ජීවි ද සිල්වා කීවාය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved