Connect with us

පුවත්

රාජ්‍ය ණය කළමනාකරණය කරන්න අලුත් මෘදුකාංගයක්

Published

on

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතුය.රජය විසින් මේ වන විට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබා දී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදා ගනු ලබන අතර එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලබයි.

කෙසේවෙතත්, එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ‌ලේකම් කාර්යාලය විසින් මේ වන විට නවතා ඇති බව රජය පෙන්වා දෙයි.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කරන ලදී.

ඒ අනුව, පිරිවැය වාසිදායක වීම, දත්ත සම්ප්‍රේෂණය පහසු වීම, ඒවායේ අඛණ්ඩතාව පවත්වා ගත හැකි වීම සහ පද්ධති අතර ඒකාග්‍රතාව තහවුරු කළ හැකිවීම යන හේතු මත පදනම්ව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිල දී ගැනීම පිණිස යෝජනාවක් ලබා ගැනීමටත්, එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ ලබා ගැනීම සඳහා යොමු කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved