Connect with us

පුවත්

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

Published

on

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ එවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද කටයුතු කළ බවය.

 පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන්ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් ට ද මෙය බලපා ඇති බවද එම නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

රාජ්‍ය සේවයේ මාරුවීම් සිදුවිය යුත්තක් වන නමුත් එය සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුකූලව සිදුවන්නේ නම් එය පිළිබඳව කටයුතු කිරීම විපක්ෂයේ වගකීමක් බවත් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදුකරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුවට සහ පළාත් බලධාරීන්ට අවධාරණය කරන බවත් සමගි ජන බලවේගය කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

“රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.

පළාත් පාලන සහකර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍ර නිලධාරීන් ට ද මෙය බලපෑ ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගතය.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වේ. පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩ පිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබේ.

මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව පෙනේ”

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved