Connect with us

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සූත්‍රය ගැන නියෝජ්‍ය ඇමති පැහැදිලි කරයි

Published

on

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකලේය.

ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවය.

අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩුකර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වන දා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුපට එක්වෙන බවය.

“මුලික වැටුප රු 15,750ක් දක්වා වැඩි වෙනකොට අපි හංගලා නෑ. අපි කියලා තියෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා.

බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ.

ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා.”

ඒ වගේම රාජ්‍ය සේවයේ සෑමකෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩිවෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා.

ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN – 1 – රු 28,940 වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රු 40,000 බේසික් එකට 17,500 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩි විම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.

මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු 54,290යි. එය රු 91,750 දක්වා බේසික් එක වැඩිවෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි එකෙන් 7,500ක් අඩු කරාම රු 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩිවීමෙන් රු 7,500ක් අඩුකරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රු 13,988කින් වැඩිවෙනවා.

දැන් පැයකට ගෙවන්නේ රු 687යි. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රු 764ක් වෙනවා.”

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved