Connect with us

පුවත්

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් සහතිකයක්

Published

on

තම රජයේ පත්වී ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඊයේ (08) සවස ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.

අස්වැසුම නොලැබෙන පිරිසට නැවත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් එමෙන්ම ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.

එමෙන්ම, ජනවාරි නව පාසල් වාරයේ සිට පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බවද අනුර කුමාර දිසානයක මහතා මෙහිදි අවධාරණය කලේය.

“අපි දන්නවා ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග. දෙසැම්බර් වල පාසල් ඉවර වුණාට. මේ අවුරුද්දේ පරණ වාරය නිමා වන්නේ ජනවාරිවලින්. ජනවාරි අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ. අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා. ඒ වගේම අස්වැසුම..අපි ඔය නම් මාරුකරන්නේ නෑ. ජනසවිය තිබුණා තව කෙනෙක් ඇවිල්ලා සමෘද්ධිය කියනවා. තව කෙනෙක් ඇවිල්ලා දිවි නැගුම කියනවා. තව කෙනෙක් අස්වැසුම කියනවා. ඒවා නිකම් තමන්ගේ නම් අපිට කොයි නම කිව්වත් කමක් නෑ අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. හැමදාම දෙනවද? හැමදාම නෑ. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා.”

රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජන කළා. මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණේ. එතැන කෝ හිටපු ජනාධිපතිතුමාගේ පඩි. දැන් කියනවා එතුමා… එතුමා වැඩි කළ පඩි දෙනකල් උද්ඝෝෂණය කරනවා ලු. මම හරි සතුටුයි හිටපු ජනාධිපති දකින්න පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන ඉන්නවා. හොඳ නැද්ද ? එතුමා විසින් වැඩි කරන ලද පඩි ලබාදෙනු. තුමා කියනවා සටන් කරනවලු දෙනකන් ඔය සටන් නොවැම්බර් 14න් පස්සේ මුකුත් නෑ.”

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved