Connect with us

පුවත්

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

Published

on

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කලේය.

ඒ අනුව, යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කලාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමද අවශ්‍ය බවද  තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීම වැදගත් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම ඩිජිටල් අංශය සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැඩිකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved