Connect with us

පුවත්

රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට

Published

on

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාලව මෙම අත්ඩඅංගුවට ගැනීම සිදුකර ඇති අතර, උන්වහන්සේව අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අලුත් කෙනෙක්

Published

on

By

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කලේය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් 24 වනදා සිට පුරප්පාඩු වී පැවතුණි.

Continue Reading

පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන්න අලුත් ලොක්කෙක්

Published

on

By

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවය.

ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Continue Reading

පුවත්

ගොවීන්ට සහන

Published

on

By

ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ලබාදෙන බවය.

එම සහනාධාරය වී වගාව සඳහා මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකි බව ලේකම්වරයා සඳහන් කලේය.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු මේ වනවිට එක් රැස් කරමින් සිටින බව එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් සහ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවය.

ධීවරයින්ගේ තොරතුරු රැස්කිරීමෙන් පසුව එම සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය.

මේ අතර ලබන 15 වැනිදා සිට මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved