Connect with us

පුවත්

ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ ඉන්නේ නීත්‍යානුකූලවයි –  රාජු රාධා (Update)

Published

on

කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේලේ  තමා රැදී සිටින්නේ තමාට ඇති නීත්‍යානුකූල අයිතිය මත යැයි රාජු රාධා මහතා කියයි.

ඉකුත් ජුනි 05 වැනිදා ශ්‍රී ලංකා මිරර් අප වෙබ් අඩවිය විසින් “රාජු රාධා බලනේ ඇල්ලූ නවම් මාවතේ බිල්ඩිම රහස් පිරුණු තිප්පොලක්!” යන සිරස්තලය යටතේ පලකර තිබූ පුවත සම්බන්ධයෙන්  පිළිතුරුදීමේ අයිතිය යටතේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අදාළ ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය ඇත්තේ ග්‍රීන් ලංකා ‌‌ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් පුද්ගලික සමාගමට බවත්, තමා එහි අධ්‍යක්ෂවරයකු බවද ඔහු සදහන් කළේය.

එසේම අදාළ ගොඩනැගිල්ලේ කිසිවෙකුගේ නිවාස පිහිටා නැතැයි ද පැවසූ ඒ මහතා එහි ඇත්තේ කාර්යාල පමණක් බවද කියා සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) හිටපු අධ්‍යක්ෂ රවී ‌වෛද්‍යලංකාර මහතාට අයත් නීතීඥ කාර්යාලයක් ‍ද මෙහි පිහිටා ඇති අතරම සයිප්‍රස් තානාපති කාර්යාලයද එහි ඇතැයි ඔහු සදහන් කළේය.

මේ අතර, එම ගොඩනැගිල්ලේ පිහිටි කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරියකු වන නලින් ෆොන්සේකා මහතාට අයත් රාත්‍රී සමාජ ශාලාව මේවන විට වසා දමා ඇති බවත්, එය කොරෝනා සමයෙන් පසුව ආරම්භ කර නැති බවත් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඉකුත් මැයි 03-04 දිනවල 60කට ආසන්න පිරිසක් විසින් එම ගොඩනැගිල්ලේ පිහිටා ඇති ඒෂියා කැපිටල් ආයතනයට ඇතුළුව තිබූ අතර පසුව ඔවුන්ගෙන් 23ක පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේවුද පසුව ඔවුන් අධිකරණය ඇපමත මුදා හැරියේය.

එම පිරිස පවසා ඇත්තේතේදාල ගොඩනැගිල්ලට ඇතුළුවූයේ එහි තීන්ත ආලේප කිරීමට බවයි.

එසේම එම පිරිස මෙහෙයවූ ප්‍රධානියා බව කියන රවී ප්‍රදීප් නැමැත්තා පොලිසියට පවසා ඇත්තේතේර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතයේ නිලධාරියකු වන සොයිසා නැමැත්තා විසින් අදාළ ගොඩනැගිල්ලට ඇතුළුවන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව එසේ එහි ගිය බවයි.

එම සමාගමට අදාළ ගොඩනැගිල්ල අයිති බවද ඔහුට කියා සිටි බවත්, ඒ් අනුව මේ ගොඩනැගිල්ලට ගිය බවත් ඔහු පොලිසියට පවසා ඇත.

මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතයේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකරු වන්නේ ජෙරාඩ් ඔන්ඩච්ඡි නැමැත්තෙකුට බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අතර අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු විදෙස්ගතව සිටි බවද වාර්තා වේ.

එම ගොඩනැගිල්ල අල්ලා ගැනීමට පිරිසක් යවා ඇති බව කියන සොයිසා නැමැත්තා මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතයේ රිකවරි අංශයේ ප්‍රධානියා බවද වාර්තා වේ.

මේ අතර, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඒල්සී සමාගම විසින් ග්‍රීන් ලංකා ‌‌ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් පුද්ගලික සමාගමට කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවක් පවරා ඇති බවද පැවසේ.

———————————

( මුල් පුවත – 2023 ජුනි 05 ප.ව. 12:43 )

රාජු රාධා බලනේ ඇල්ලූ නවම් මාවතේ බිල්ඩිම රහස් පිරුණු තිප්පොලක්!

ඉන්දීය ජාතිකයකු වන රාජු රාධා නැමැත්තා විසින් බලහත්කාරයෙන් රැඳී සිටින බව කියන කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පනස් දෙනෙකුගෙන් පමණ යුක්ත කණ්ඩායමක් පෙරේදා (03) රාත්‍රියේ සිට ඇතුළු වී එහි බලය අත්පත් කරගැනීමට උත්සාහ කර තිබිණි.

අදාළ ඉන්දියානු ව්‍යාපාරිකයා රැඳී සිටින එම ගොඩනැගිල්ලේ හය, හත මහල්වලට මුල් පිරිස ඇතුළුවීමට පටන්ගෙන ඇත්තේ පෙරේදා (03) රාත්‍රි 10.45ට පමණය.

මුලින්ම පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එයට ඇතුළු වී තිබේ.

ඉන්පසුව ඊයේ (04) පාන්දර 1.00ට පමණ පනහකට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ 6 හා 7 වැනි මහල්වලට නැවත ඇතුළුවී ඇත.

පසුව, ඊයේ (04) අලුයම් කාලයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණ ගොඩනැගිල්ලට ඇතුළුව පිරිස ඉවතට ගෙන ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

ඒම අවස්ථාවේදී ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව මුදාහැරි බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.

එසේම මේ ගොඩනැගිල්ලේ අයිතිය කියන කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් සමාගමේ නිලධාරීන්ගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත.

මේ අතර, අදාළ ගොඩනැගිල්ල බලෙන් අල්ලාගෙන සිටින බවට චෝදනා එල්ල වී ඇති ඉන්දියානු ජාතිකයාට සහාය පළකරමින් ප‌ොලිස්පතිවරයා කටයුතු කර ඇති බවට ද චෝදනාවක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඒ් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමේ පරීක්ෂණයක් කැදවීමට ද කටයුතු කර ඇති බව පැවසේ.

ග්‍රීන් ලංකා ආයතනයට අයත් මහල් නවයකින් යුත් මෙම ගොඩනැගිල්ල එහි මුල් හිමිකරුවන් විසින් කොල්ලුපිටියේ පිහිටි කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ආයතනයට උකස් කර ණය මුදලක් ලබාගෙන ඇත.

එසේ තිබියදී ඉන්දිය ජතික රාජු රාධා නැමැත්තා මෙම ගොඩනැගිල්ල මැලේසියානු සමාගමක් වන ඒ්ෂියා කැපිටල් සමාගම මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන අයුරින් අත්පත් කරගෙන භුක්ති විඳින බවට මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් කල්බදු සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබී ඇත.

කෙසේවුවද, 2014 සිට මෙම ගොඩනැගිල්ල වෙනත් සමාගම්වලට කුලියට දී රාජු රාධා නැමැත්තා විසින් දේශපාලන හා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහායෙන් රැඳී සිටින බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනක් ද අරඹා තිබේ.

මෙම ආන්දෝලනයට ලක්වූ ගොඩනැගිල්ලේ දේශපාලනයට සම්බන්ධ තොණ්ඩමන් පවුලේ ඥාතීන් පිරිසක්ද, මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) හිටපු අධ්‍යක්ෂ රවී ‌වෛද්‍යලංකාර මහතා හා ඔහුගේ පුතු, මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයාව සිටි උදිත ලොකුබණ්ඩාර මහතාට ද නිවාස ඇතැයි වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ලේ දෙවැනි මහල දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දේවමෙහෙයන් පැවැත්වීම සඳහා කුලී පනදම මත ලබාගෙන එම දේව මෙහෙයන් ඒහි පවත්වන බවද පැවසේ.

එසේම එම ගොඩනැගිල්ලේ කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරියකු වන නලින් ෆොන්සේකා මහතාට අයත් රාත්‍රී සමාජ ශාලාවක් ද ඇති බවද වාර්තා වේ.

එම ගොඩනැගිල්ලේ ඉහලම මහලේ (රූෆ්ටොප්) හි රාජු රාධාගේ දියණියට අයත් කැෆේ එකක්ද ඇති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ලේ සිටින ඇතැමුන්ට කොළඹ ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරුන් රවටා රුපියල් කෝටි ගණනක දේපොළ හා ඉඩම් බලෙන් අල්ලාගත් බවටද චෝදනා එල්ල වී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ජාතිකයා විසින් අදාළ ගොඩනැගිල්ලේ ආරක්ෂාව බාරදී ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයෙක් වන බන්දුල නැමැත්තෙකුට බවද වාර්තා වේ.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved