Connect with us

පුවත්

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි සාජන් අනාචාරයේ ගිහින් මාට්ටු වෙලා!

Published

on

රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පැන එහි සිටි කාන්තාවකට අඩන්තේට්ටම් කර ලිංගික අතවරයකට ලක්කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් සැරයන්වරයකුට නිවැසියන් පහරදී ගස්බැඳ සිටියදී රඹුක්කන පොලිසිය විසින් පසුගියදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාත්‍රී ජංගම මුර සංචාරයක නිරතව සිටියදී නිල ඇඳුමින් සැරයන්වරයා අදාළ නිවසට ඇතුළු වී ඇත.

රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට මෙම නිලධාරියා රෑ ඇතුළු වී ඇති බවත් ඔහු ලිංගික අතවර කර ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකට බවත් පොලිසිය කියයි.

මෙම සැරයන්වරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු පසුගිය 24 වැනිදා සවස 6.00 සිට 25 වැනිදා උදෑසන 6.00 දක්වා පොලිස් කැබ් රථයේ ජංගම සංචාරක ආරක්ෂක රාජකාරියේ යොදවා සිට ඇත.

මෙම කණ්ඩායම භාරව සිටි සැරයන්වරයා කැබ් රථයේ රාජකාරියේ නිරතව සිටියදී 24 වැනිදා රාත්‍රී 11.30ට පමණ හදිසියේම පොලිස් ස්ථානයට යා යුතු බව සෙසු නිලධාරීන්ට පවසා කැබ් රථයෙන් බැස පිටත්ව ගොස් ඇත.

ඔහු කැබ් රථයෙන් බැස ඇත්තේ පොලිසිය ආසන්න ප්‍රදේශයකින් බවත් ඉක්මනින්ම පොලිසියට ගොස් නැවත පැමිණෙන බවට පැවසූ බවත් සෙසු නිලධාරීන් සිය උසස් නිලධාරීන්ට පවසා ඇත.

මේ අතර මැදියම් රාත්‍රිය පසුවීමත් සමඟ රඹුක්කන පොලිසියට 119 හදිසි ඇමතුම් අංශයෙන් පණිවුඩයක් ලැබී ඇත්තේ රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට සොරකු ඇතුළු වී ඇති බවටය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රඹුක්කන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනා යතුරුපැදියකින් ද රාත්‍රී ආරක්ෂක මුර සංචාරක කැබ් රථයේ රාජකාරියේ සිටි සෙසු නිලධාරීන් ද පණිවුඩයෙන් කියැවුණු ස්ථානයට ගොස් ඇත.

එහිදී එම නිලධාරීන් දැක ඇත්තේ නිවෙස ඉදිරිපිට නිල ඇඳුමින් ගැටගසා සිටි පොලිස් සැරයන්වරයාවය.

එම ස්ථානයේ පොලිස් සැරයන්වරයාට අයත් යතුරුපැදියක් ද තිබී ඇත.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා පොලිස් ස්ථානයට ගොස් සිය පුද්ගලික යතුරුපැදියේ නැඟී මෙම නිවෙසට ගොස් ඇති බවය.

ප්‍රශ්න කිරීම් හමුවේ සැරයන්වරයා පොලිසියට පවසා ඇත්තේ 60 හැවිරිදි කාන්තාවගෙන් ලද ආරාධනාවකට අනුව ඇගේ නිවෙසට ගිය බවය.

එහෙත් එම කාන්තාව පවසා ඇත්තේ එම නිලධාරියා සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු නිවෙසට ඇතුළු වී තමාට කරදර කළ බවත්ය.

ඇගේ ප්‍රකාශ මත මෙම නිලධාරියාව අත්අඩංගුවට ගත් රඹුක්කන පොලිසියේ නිලධාරීන් ඔහුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහුව අගෝස්තු 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම නිලධාරියා විසින් රාජකාරි වේලාව තුළ රාජකාරියේ නොසිට නිවෙසකට ඇතුළු වී කළ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් ඊයේ (26) වන විට ඔහුගේ වැඩ තහනම් කිරීමට ද උසස් පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබිණි.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved