Connect with us

පුවත්

රැළිවලට සෙනඟ අදින්න බස්වලට කෝටි 200ක් වැය කරලා

Published

on



මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අද (17) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කලේය.

මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් ලබා ඇති බවය.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු හෙට දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බව ඔහු පැවසවේය.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, ප්‍රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේ දී වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවය.

ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බව මෙහිදී ඔහු අනාවරණය කලේය.

මේ අතර, මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියේය.

එමෙන්ම මැතිවරණය හේතුවෙන් මහජනතාවට ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට 20 වන දින බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කර බවත් දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවන බවත් සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියේය.

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

ලංකාවේ වරාය හා ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ඒ ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දු – පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකර ගතයුතු බවත් එහිදී පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ , හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Continue Reading

පුවත්

දුර ගමන් බස්වල රියැදුරන්ට විවේකයක්

Published

on

By

කොත්මලේ ගැරඬිඇල්ල ලංගම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන විවේකකාලය පිළිබඳව වි⁣ශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ ප්‍රකාශ කළේය.

මෙම මාරක බස්රථවල අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම මෙවැනි දුෂ්කර මාර්ග හරහා රාත්‍රි කාලයේදී සිදු කරන දුර ගමන් මගී ප්‍රවාහන සේවාවන් පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

“කතරගම කුරුණෑගල කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් වැයවෙන ප්‍රවාහන සේවාවක්. මෙහිදී මෙවැනි ගමන්වල යෙදෙන බස්රථ සේවකයන්ට ලැබෙන විවේක කාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එවැනි දිගු ගමනකට පෙර ඔවුන්ට නිසි විවේකයක් ලැබෙනවාද? ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් බස් ඩිපෝවලින් සැපයෙනවාද? ඔවුන් ගමනේ අතරමගදී යම් විවේකයක් ගන්නවාද කියන කරුණු පිළිබඳවත් අවධානයක් අපි මේවනවිට යොමු කරලා තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහකාර කොමසාරිස්වරුන්ගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved