Connect with us

පුවත්

රිලව් මිලියන 8යි; වඳුරෝ මිලියන 4යි

Published

on

කෘෂි භෝගවලට හානි කරන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කරන ලද සංගණනයේ දත්තවලට අනුව දිවයින පුරා රිළවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

මීට අමතරව වඳුරන්ද ලක්ෂ 40 ක් පමණ සිටින බවට හෙළිදරව් වී ඇතැයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.

කෘෂි භෝගවලට හානි කරන රිළවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සංගණනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කෙරුණි. 

කැලෑ සහ වනාන්තර ප්‍රදේශ හැර දිවයිනේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව මෙම සංගණනය සිදු කෙරිණි.

කෙසේ නමුත්, මෙම සංගණනයේ දත්ත සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට තහවුරුවී ඇත. ඊට හේතුවී ඇත්තේ ඇතැමුන් රිළවුන් සහ වඳුරන් ගහනය වැඩි අගයකින් සංගණන පත්‍රිකාවේ සඳහන්කර තිබීමය. 

මේ නිසා ගැටලුදායක දත්ත සහිත තොරතුරු යළි නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යවා නැවත සමීක්ෂණයක් සිදු කිරීම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සමීක්ෂණ කටයුතු පසුගියදා නැවතත් සිදු කෙරුණි. 

මේ අනුව, ගැටලුකාරී දත්ත සහිත ප්‍රදේශවල නැවත සමීක්ෂණ කටයුතු ඉදිරි දිනවලදීද සිදු කිරීමට නියමිතය. 

ගොවීන් විසින් රිළවා සහ වඳුරාගේ ගහනය සම්බන්ධ දත්ත නියමිත සංඛ්‍යාවට වඩා කීප ගුණයකින් සඳහන්කර තිබුණද, මොනරා සහ දඬුලේනා යන සතුන්ගේ දත්ත නිවැරදි ලෙස සටහන් කර ඇතැයිද පැවැසේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved