Connect with us

පුවත්

රූපවාහිනියේ මනි ලොන්ඩ්‍රියක් දාලා?: කාටද මේ බොරු කරන්නේ

Published

on

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාවේ ගුවන් කාලය බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දී ඇති ගිවිසුම මසක දැනුම්දීමකින් අවසන් කළ හැකි බවට විශයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියද එය සැබෑ වශයෙන්ම බදු දී ඇත්තේ මාස තුනක කාලයකට බව රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම ඒ සඳහා අකුරු තුනක නමක් සටහන්ව ඇති සමාගමකින් රුපියල් මිලියන 50ක මුදලක් රූපවාහනියට මේවන විටත් ලබාදී ඇති අතර එම මුදල් රූපවාහිනිය විසින් මේවන විටත් වියදම්කර හමාර බව පැවසේ.

ඉන් රුපියල් මිලියන 25ක මුදලක් වැය කර ඇත්තේ රූපවාහිනියේ හිඟ විදුලි බිල්පත ගෙවා දැමීම සඳහාය.

ඒ අතරම තවත් රුපියල් මිලියන 25ක මුදලක් සටහන් කරන ලද ඉදිරියට නිදහස් කර ගැනීමට ඇති චෙක් පතක් ද මේ බදු දීම වෙනුවෙන් අකුරු තුනක් සඳහන් සමාගම විසින් ලබාදී තිබේ.

රුපවාහිනීයේ වත්මන් සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකම දරනු ලබන ද්විත්ව පුරවැසියකු වන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් අදාළ සියලු සැලැසුම් සකස් කර ඇති බව පැවසේ.

එසේම ලොව පුරාම ලයිකා ආයතනයට එල්ලව ඇති ප්‍රධාන චෝදනාවක් වන කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සඳහා මෙසේ වැඩිපුර මුදල් ලබා දුන්නේද යන්න පිළිබව ද එම ආයතනයේ සේවකයන්ට සැකයක් මතුව තිබේ.

මේ අතර, රූපවාහනියේ සභාපති මේවන විට වැඩිපුර ලබාගත් මුදල වන මිලියන 50 ක මුදල නැවත වරක් අකුරු තුනක නම සඳහන් සමාගමට ලබාදීමට සූදානම් වන්නැයි රූපවාහිනියේ කාර්යය මණ්ඩලයට දන්වා ඇති බව පැවසේ.

කෙසේවුවද, ලයිකා වෙත ප්‍රසාද් චැනල් අයි නාලිකාව බදු දී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී එය බදුදීම සඳහා ටෙන්ඩරයක් කැඳවා ඒ සඳහා අයැදුම්පත් දෙකක් ඉදිරිපත්ව තිබියදීය.

එසේ අයැදුම්පතක් ඉදිරිපත් කළ ආයතන අතර ලයිකා නොතිබූ බවද පැවසේ.

චැනල් අයි දෙනව කියල ස්විච් කළේ නේත්‍රා

මේ අතර, චැනල් අයි නාලිකාව බදු දුන් බවට අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් දැනුම් දී තිබුණ ද ලයිකා වෙත ඇත්තටම ලබා දී ඇත්තේ මුළු දිවයිනම ආවරණය වන නේත්‍රා හි සංඛ්‍යාත බවද මේ වන විට හෙළිව තිබේ.

චැනල් අයි නාලිකාව සතු සංඛ්‍යාත මුළු දිවයිනම ආවරණය නොවීම එසේ සිදු කිරීමට හේතුව බව පැවසේ.

සමරසිංහ චීනයට පැනලා

මේ අතර, අදාළ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නොහැකිවුවහොත් ඒ සම්බන්ධයෙන් ඇති වන තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආචාර්ය ප්‍රසාද් 16 වැනිදා සිට විදේගතවීමට කර තිබූ සැලැසුමට අනුව ඔහු ඊයේ (15) රාත්‍රියේ විදෙස්ගතව ඇතැයි පැවසේ.

ඔහු මෙසේ විදෙස්ගතව ඇත්තේ චීන රූපවාහිනියකින් නොමිලේ ලබාදෙන වීඩියෝ වැඩසටහන් කිහිපයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම වැනි අනවශ්‍ය කාරණාවකට බවද පැවසේ.

රූපවාහිනී වැඩසටහන් ලබා ගැනීම වැනි කාර්යන්වලට මීට පෙර සාමාන්‍යයෙන් වැඩසටහන් ප්‍රධානියා හා එම වැඩසටහන් වලට අදාල ඒකක ප්‍රධනියා සහභාගි වුවත් මෙවර ආචාර්ය ප්‍රසාද් හා ඔහුගේ කිට්ටුවන්තයකු වන මොතිලාල් හිස්වැල්ල (අන්තර් ජාතික කටයුතු ඒකක ප්‍රධානියා) සහභාගි වීම සම්බන්ධයෙන්ද රූපවාහිනී සේවකයන්ගේ අප්‍රසාදය මතුව තිබේ.

මෙහි වඩාත් හාස්‍යජනක තත්ත්වය වන්නේ මේ වන විටත් එම වැඩසටහන් රූපවාහිනියට මීටර් 500ක් පමණ ඈතින් පිහිටි මෙරට චීන තානාපති කාර්‍යාලයට සපයා තිබියදීත්, අදාළ ගිවිසුම අවශ්‍යනම්  zoom තාක්ෂණය ඔස්සේ අත්සන් කිරීමට අවස්ථාව තිබියදීත් මෙසේ එය අත්සන් කිරීමට චීනයට යාමයි.

රූපවාහිනීයේ දැඩි ඉල්ලීම මත චීන රූපවාහිනිය ඔවුන්ට මෙම සංචාරය සංවිධානය කර ඇති බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම ‌ප්‍රසාද් හා මොතිලාල් මෙසේ විදෙස්ගතව ඇත්තේ වැඩසටහන් ප්‍රධානියා වන සුමේධ හා හඩකැවීම් එකක ප්‍රධානි වජිරා කුමාරි විතානගේ යන ‌දෙදෙනා මේ සදහා විරුද්ධත්වය ප්‍රකාශකර තිබියදී බවද පැවසේ.

සබැඳි පුවත්

බද්දට දුන්නෙ අයි නාලිකාවේ ගුවන්කාලය – බන්දුල (වීඩියෝ)
ලයිකා හා ප්‍රසාද්‌‌ගේ ඩීල් එක අගමැති කැබිනට්ටුවේදී කුඩුකරයි

රූපවාහිනියට ප්‍රසාද්; ලේක්හවුස් ඒකට කාරියවසම්; දෙන්නම බන්දුලගේ යාළුවෝ 

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading

පුවත්

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published

on

By

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවය.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Continue Reading

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved