Connect with us

පුවත්

රේගුවේ තනතුරු පෙන්වා මුදල් ගරන ජාවාරමක්

Published

on


සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සිවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, එම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිඳු වැඩමුළුවක් සංවිධානය කර නොමැති බවය.

“ශ්‍රී ලංකා රේගුවට අලුතින් සහකාර රේගු අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පසුගියදා පැවැත්වුණා. ඒ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අපි පිරිසකට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා කැඳවලා තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණය මේ මාසේ 27,28 හා 29 යන දවස් තුනේ සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ අතර අපි පසුගිය කාලයේ දුටුවා සමාජ මාධ්‍ය ජාලවල රේගු නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සුදානමක් ලෙස පෙරහුරු වැඩමුළු පැවැත්වීමට යම් යම් පුද්ගලයින් කටයුතු සුදානම් කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මේ කරන්නට යන්නේ මුදල් ගරා ගැනීමේ ජාවාරමක් කියලයි අපිට තේරුණේ. හේතුව මේ සම්මුඛ පරීක්ෂණයේ දී අපි ලකුණු ලබාදෙන්නේ අයදුම්කරුවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කළ අයට පමණයි. එහිදී අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සහ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පමණයි ලකුණු ලබාදෙන්නේ. මීට අමතරව කිසිදු කරුණකට අතිරේක ලකුණු දෙන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අපේක්ෂකයින්ට පෙරහුරු වැඩමුළුවලට සහභාගි වෙලා, රේගුවෙන් කරන සම්මුඛ පරීක්ෂණයට සුදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ.”

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved