Connect with us

පුවත්

රොෂාන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

Published

on

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) වාරියපොළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් කොහොමහරි බලන්නේ මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකක් ද? මොකක් ද කරන්න යන්නේ, මේකේ ඉලක්කය කියන එක මම හෙට පැහැදිලි කරන්නන්. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? අරමුණ මොකක් ද ?
මේකේ පිටිපස්සේ ඉන්න දූෂිත කල්ලිය කවුද ? මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මම හෙට සජීවීව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 225ම හොරු කියලා. අපි ඒ ගොඩට වැටෙන්න කැමති නෑ.”

ප්‍රශ්නය – ඇමතිතුමා, ඒ වගේම තමයි අනිත් පැත්තෙනුත් වංචා දූෂණ කරපු ගොඩාක් ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා. ඒ ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරලා හඬනැගුවොත් මොකද ?

“කවුරු හෝ වංචා දුෂණ කරපු අය ඉන්නවා නම් එක පැත්තකින් පාර්ලිමේන්තුවක් විදියට ඒ ගැන බලන්න ඕන.ජනාධිපතිවරයා ලෙස එතුමාත් බලන්න ඕන. හරි විදියට. ඒ කියන්නේ වැරැද්ද කළේ කවුද කියන එක.”

ප්‍රශ්නය – ඔබතුමාගේ ග්‍රහචාරය හොඳයි කියලත් දැන් සමාජ මතයක් තියෙනවා.

“මම දන්නේ නෑ මගේ කේන්දරේ එතුමලා අතේ තියනවා ද කියලා. මට වෙලා තියෙන්නේ මගේ කේන්දරය මං ළඟ නැහැ. අම්මා හදලා තිබුණා පුස්කොළ පොතෙන් හොඳ කෙන්දර දෙකක්. ඒ කේන්දර දෙකම අස්ථානගත වෙලා.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved