කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
කෙසේවුවද, මෙම චීන ජාතිකයා නැවත යැවීමට ආගමන විගමන නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපල ආරක්ෂකයින්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇත.
ඒ් අදාළ චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරීම නිසාය.
ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ (18) රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවය.
මේ අතර සිටි මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට , එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන තිබේ.
එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර , කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ.
පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී, ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන, ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ගෙන තිබේ.
එහෙත් මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ ද, මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයෙන් බව, එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වී තිබේ.
ඉන්පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත රැගෙන යාම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාර දීම සදහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින්, බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබූ බවද වාර්තා වේ.
එහෙත් ඒවා නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමග, මොහු සිය මිතුරන් දෙදෙනා ද සමග, ගුවන් තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති අතර, ඒවා පාලනය කර ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කළ බවද පැවසේ.
මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිටීමට ද ක්‍රියා කර තිබුණි.
එසේම මොවුන් තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබා දීමට ද කීප වරක්ම උත්සාහ කර තිබුණි.
මොවුන් පාලනය කර ගැනීමෙන් පසුව ආගමන විගමන නිලධාරීන් විසින්, එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත් අවස්ථාවේ ඔවුන් යළිත් දැඩි ලෙස කළහකාරී ලෙස හැසිරී ඇත.
ඉන්පසුව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, ආගමන විගමන නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් මහත් වෙහෙසක් දරා මොවුන් පාලනය කර ගනිමින් අද (19) උදෑසන යළිත් ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් යානය පැමිණෙන තෙක්, එම ගුවන් සේවා රැදවුම් කුටියේ මොවුන් තිදෙනා රදවා තැබීමට පියවර ගෙන තිබේ.
මොවුන් තිදෙනා අත් අඩංගුවට ගැනීම සහ ආපසු ඩුබායි වෙත හරවා යැවීම ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය සහ ආගමන විගමන නියෝජ්‍ය පාළක ( තොටුපළ ) ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඒ.එස්.ජී.සුසිල් සහ කේ.ඩී.ශ්‍රියාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී සී.ඒ.බී. කුළතුංග මහතා පියවර ගෙන තිබුණි.
මූලාශ්‍රය – අද