Connect with us

පුවත්

ලංකාවට ජාත්‍යන්තර සරසවි 3ක්

Published

on

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 

එසේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව ද රාජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය. 

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.   

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙසේ ද පැවසීය.

විදෙස් විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඉන් විශ්වවිද්‍යාල දෙකක්ම ස්ථාපිත වෙමින් පවතිනවා. මෙම වසරේ මැයි මාසය වන විට තුන්වන විශ්වවිද්‍යාලය ද ලංකාවේ ස්ථාපිත කෙරෙනවා. 

ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිතයි. අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද අප සූදානමින් සිටිනවා. 

විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කරගැනීමට අප කටයුතු කළා. එහිදී ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. 

ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු උසස්  අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. ඔහු සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් විසින් අපගේ අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයෙන් පසු ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.

එමෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියාමනය කළ යුතු වනවා. එහෙත් අධ්‍යාපනය විකිණීමේ කිසිදු සූදානමක් නැති බව ද සඳහන් කළ යුතුයි. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා

Published

on

By

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ.
අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව නෙත් 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

මැයි පෙළපාළි ගැන විශේෂ නිවේදනයක්

Published

on

By

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Continue Reading

පුවත්

අදත් මි.මී 100ක තද වැසි

Published

on

By

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved