Connect with us

පුවත්

ලංකාවට දැමූ IMF නිර්දේශ 16 ක් ගැන හර්ෂ කියයි

Published

on

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. 

ඔහු පැවසුවේ දෙවන වාරිකය කෙසේ හෝ ලබාගත්තද ඉන්පසුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. 

මෙම නිර්දේශ මගින් ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ගෙන එන බවත් තමන් දිගින් දිගටම මූල්‍ය අරමුදලට යන ලෙස මුල සිටම අවධාරණය කළේ මෙවැනි කරුණු නිසා බවත් හෙතෙම පැවසීය. 

මූල්‍ය අරමුදල විසින් කර තිබෙන මෙම නිර්දේශ 16 ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ හෙළි කළේය.                        

01.  2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයින්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.

02. දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ (ජනාධිපති, අගමැති, ඇමති සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වනවිට ප්‍රසිද්ධ කිරීම.

03. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.

04. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.

05. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.

06. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.

07. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබදව වාර්තාවක් 2024 දෙසැම්බර් වනවිට වෙබ් අඩවියක පළ කිරීම.

08. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියළුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියළුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමිවූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම.  මෙම තොරතුරු මාස 06 කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.

09. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.

10. විනිවිද භාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.

11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව  අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැලැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.

12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැලැක්වීම සඳහා ඒවා තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ගැනීම.

13. සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වනවිට ඉදිරිපත් කිරීම.
14. බැංකු අංශයේ  සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම.

15. 2024 දෙසැම්බර් වනවිට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම.

16. අධිකරණ සේවා කොමිසමේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved