Connect with us

පුවත්

ලංකාවට ලොව දුක්ඛිතම රටවල් අතර 11වැනි තැන

Published

on

ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබේ.

ඒ, ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ 2022 වාර්ෂික දර්ෂකයට අනුවයි.

මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත්. ඒ අතරින් ලොව දුක්ඛිතම රට ලෙස නම් කර ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි.

දෙවන ස්ථානය වෙනිසියුලාවටත්, තුන්වන ස්ථානය සිරියාවටත්, හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව ඇත.

සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්‍රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා ස්ථානවල පසුවේ.

ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි.

මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුලත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව සියයට 6 යි දශම 5 ක මට්ටමක පැවති බවත්, උද්ධමනය සියයට 57 ඉක්මවා ගොස් තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ සටහන්ව ඇත.

ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය සෘණ වර්ධනයක පැවති බවත්, එය සියයට සෘණ 9 යි දශම 3 ක් බවත් එම වාර්තා මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය සියයට 20 ත් ඉක්මවා තිබූ බවද ස්ටිව් හෑන්ක් සදහන් කරයි.

ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99 යි දශම 6 යි 3 කි.

ඉන්දියාවත් ලැයිස්තුවේ

වඩාත්ම දුක්ඛිත රටවල් 157 න් ඉන්දියාවද 103 වන ස්ථානයේ පසුවීම විශේෂත්වයක්. ඔවුන්ට මෙම තත්ත්වය උදාවීමට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඉහළ විරැකියාවයි.

ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ ස්විස්ටර්ලන්තයයි. 

ලොව සතුටින්ම සිටින රට ලෙස අඛණ්ඩව 6 වතාවක් නම්වූ ෆින්ලන්තය ලොව දුක්ඛිතම රටවල් දර්ශකයේ 109 වන ස්ථානයේ පසුවේ.

අමෙරිකාව එම ශ්‍රේණිගත කිරීමේ 134 වන ස්ථානයේ පසුවන බව ස්ටිව් හෑන්ක් කියා සිටී.

ලොව අවම දුක්ඛිත රටවල් අතර කුවේට්, අයර්ලන්තය, ජපානය සහ මැලේසියාව පිලිවෙලින් දෙකේ සිට 5 වන ස්ථානය දක්වා නම් කර තිබේ. 

තායිවානය, නයිජර්, තායිලන්තය, ටෝගෝ සහ මෝල්ටාව අවම දුක්ඛිත රටවල් අතරට අයත් සෙසු රටවල් වේ.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved