Connect with us

පුවත්

ලංකාවෙන් ඔන්ලයින් ණය ගත්ත පවුලක්ම සියදිවි නසාගෙන

Published

on

2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අනත්ර් ජාලය (ඔන්ලයින්) හ‌ෝ දුරකථනය භාවිත කර ණය ලබාදීමේදී ගතයුතු අවසරය නොගෙන මෙරට ක්‍රියාත්මක වන ඔන්ලයින් ණයදීමේ සමාගම් නිසා ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව වාර්තා වේ.

“ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු කිරීමේ හැකියාව ඇතත්, ණයදීමේදී මහ බැංකු චක්‍රලේඛය පිළිපැදීම අනිවාර්ය වේ.

 මෙසේ ණය දෙන සමාගම් බොහොමයක් ලංකාවේ සමාගමක් ලෙස මෙරට සමාගම් ලියාපදිංචිය ලබාගෙන ඇතත් ඒවායේ මව් සමාගම් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන ආයතන බව මේවන විට හෙළිව තිබේ.

ඒ අනුව බරපතල ලෙස කඩා වැටී ඇති මෙරට ආර්ථිකයට අදාළ ඔන්ලයින් ණය තවත් විශාල බරක් වනු ඇතැයි ආර්ථික විශ‌ේෂඥයින් පෙන්වා දෙති.

ඒ 50% හ‌ෝ 100% පොලිය මත පාරිභෝගිකයන් සූරාකන අදාළ ආයතනවල අවසන් මුදල් තැන්පතුව පිටරටකට යාම නිසාය.

අදාළ ආයතන කිසිවක්  ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිවී නොමැතිවීම නිසා එම සමාගම් උපයන මුදල් සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ යන විශාල ගැටලුව ද මතුව ඇති බව පැවසේ.

මේ මුදල්වලින් ‌කොටසක් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නඩත්තු  කිරීමට යොදාගන්න‌ේද යන්න පිළිබඳව ද මේවන විට සැක මතුව ඇතැයි පැවසේ.

සයිබර් අපරාධ ඒකකය පවසන්නේ කුමක්ද?

මෙසේ ඔන්ලයින් ණය ලබා ගැනීමෙන් පසුව ඒවා නොපියවීම හේතුවෙන් අදාළ ආයතන සිදුකරන අපහාස, බලපෑම් හා වෙනත් කරදර සම්බන්ධයෙන් අත්විදින්න වූ තත්ත්වයන් පිළිබඳව අපහසුතාවයට පත්වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කිරීමේ හැකියාව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය කියා සිටී.

පොලිසියේ වැඩෙත් කරන ඔන්ලයින් ණය කාරයෝ

මේ අතර, ‌මෙසේ ණයගත් අයට එරෙහිව පොලිසියේ පැමිණිලි ඇති බවට ව්‍යාජ SMS පණිවුඩ යොමුකරමින් බිය ගැන්වීමේ කටයුතු ද අදාළ ආයතන විසින් සිදුකරනු ලබන අතර ඔවුන් එසේ යොදා ඇති බව පැවසෙන පැමිණිලි අංක ද යොමුකරනු ලබයි.

මේ කණ්ඩායම් සඳහා දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහයද ලැබෙන බව මේවන විට හෙළිව තිබේ.

අදාළ සමාගමක් විසින් එසේ ඒවන ලද ව්‍යාජ පැමිණිලි අංකයක් සහිත SMS පණිවුඩයක් පහත දැක්වේ.

රටවල් අතරත් ගැටුමකට පොට පාදන ඔන්ලයින් ණය

මේ අතර, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිව් දෙනකුගෙන් යුත් පවුලක් දිවි නසාගැනීමේ සිද්ධිය ගැන විමර්ශනය කරන එරට පොලිසියේ අවධානය අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදෙන ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක කණ්ඩායමක් වෙත යොමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ පලව ඇති වාර්තාවක් පහත දැක්වේ.

පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා 39 හැවිරිදි නිජෝ, ඔහුගේ බිරිඳ ශිල්පා (32) සහ ඔවුන්ගේ දරුවන් වන එබල් (7) සහ ආරොන් (5) සියදිවි නසාගෙන තිබූ අතර ඔවුන්ගේ සිරුරු නිවසේ තිබියදී සොයාගෙන ඇත. 

මියගිය එක් අයකුගේ අසභ්‍ය පින්තූර ඥාතීන්ට යැවීමට භාවිත කළ අංකය පොලිසිය විසින් සොයා ගැනීමත් සමඟ විමර්ශනය වෙනත් අතකට යොමුවිය.

“පරීක්ෂණයේදී අපට වැටහුණා ශිල්පා අන්තර්ජාල ණය දෙන ආයතනවලින් ණය ලබාගෙන තිබෙන බව. ඇයට ඒවා ආපසු ගෙවීමට අපහසු වෙලා. පසුව ශිල්පාට හා සහ ඔවුන්ගේ ඥාතීන්ට අසභ්‍ය පණිවිඩ යැවීමට මේ සමාගම් යොමු වෙලා තියනවා. ඒ ජංගම දුරකථන අංකය සොයා බලන විට එය ශ්‍රී ලංකාවේ එකක් බව අපට වැටහුණා. ඇත්තෙන්ම එම කණ්ඩායම් ලංකාවේ සිට ක්‍රියාත්මක වෙලා තියෙනවා” යැයි ඉන්දීය පොලිස් ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

මේ තත්ත්වය, රටවල් අතර හොඳහිත පලුදුවීමට ද බලපෑම් ඇති කළ හැකි බව තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු පූර්ණ හෙළිදරව්වක් අප විසින් ඉදිරියේදී සිදු කරනු ලබයි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved