Connect with us

පුවත්

ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකු නියෝජිතයන් හා සාකච්ඡාවක්

Published

on

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්  සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල්  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ  දීර්ඝ ලෙස විමසා බැලිනි.

රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම,   ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා ද  ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු ද මීට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ  ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස මෙම කරුණු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළහ.

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved