Connect with us

පුවත්

ලංකාවේ වයස්ගතම පුද්ගලා නන්දියස්; දැන් අවුරුදු 109යි

Published

on

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැප්පෙට්ටියගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි මාගල කොට්ටච්චි නන්දියස් මහතා බව ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර තිබේ.

පැරණි ජාතික හැඳුනුුම්පතට අනුව නන්දියස් මහතා 1914 ජූනි මස 3 වැනිදා උපත ලබා ඇත. ඒ අනුව ඔහු දැන් අවුරුදු 109ක් වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. 

ඉතා නීරෝගි දිවි පෙවෙතක් ගත කරන නන්දියස් මහතා තම මුළු දිවියම කැප කර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ඔහුගේ ජීවිකාව ගහකොළ සමඟ බද්ධ වූවකි. 

ඔහුට ලි‍වීමට කියවීමට හැකියාව ඇතත්, අධයාපනය ලබා ඇත්තේ පහ ශ්‍රේණිය දක්වා පමණි.

මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගි දිවිපෙවෙතට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාව බවද පැවසේ.

මෑතක් වන තුරුම නිවෙසේ පෝෂණ අවශ්‍යතා සඳහා අල, බතල, මඤ්ඤොක්කා පවා ඔහු වගා කර ඇත.

එමෙන්ම පාන්දරින්ම වත්තපිටියේ වැඩට යන නන්දියස් මහතාට එදා සිටම කැත්ත උදැල්ල ඉතා සමීප වූ බව ඔහුගේ සමීපතමයෝ පවසති. 

දරුවන් හතර දෙනකුගේ පියකු වන නන්දියස් මහතා පුතුගේ පරම්පරාවෙන් සිව් මුනුපුරන් දකින්නෙකි. 

පුංචිම මුනුපුරාට දැන් වයස අවුරුදු පහකි.  නන්දියස් මහතා මුළු ගමම හඳුනන්නේ ලොකු අයියා ලෙසයි.

පිරිතකදී, ගංවතුර ආපදාවකදී ඕනෑම කරදරයකදී ඔහු කාගෙත් උදවුවට සිටි අයෙක් බවද පැවසේ.

නන්දියස් මහතාගේ ආදර බිරිය කලකට පෙර මෙලොවින් සමුගෙන ඇත.

ඒ මහතාට මෑතකදී ශ්‍රවණ තවත් තත්ත්වයේ දුර්වලතාවක් ඇතිවී ඇතත් ඔහුට තවමත් හොඳ මතක ශක්තියක් ඇති බවද වාර්තා වේ.

පැරණි රසාංග තවමත් මුමුනන්නේ ඒ මතක ශක්තයෛන් බව දරු‍වෝ පවසති.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved