Connect with us

පුවත්

ලංකාව, න්‍යෂ්ටික බලය ගැන ජගත් සම්මුතීන් 2ක පාර්ශවකරුවන් වෙන්න යයි

Published

on

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කළ බව කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීයත

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බවත්, 
එම සම්මුතීන්ගේ පාර්ශවකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පුවත්

නාවිකයන් 3,146 ට උසස්වීම්

Published

on

By

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව දැනුම් දී ඇත.

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකුට මෙම උසස්වීම් සිදුකර ඇත.

වසර 30 කට ආසන්න කාලයක් මෙරට වෙලා ගනිමින් පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මවිබිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ අනභිබවනීය දායකත්වය එම විජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් විය.

(අරුණ)

Continue Reading

පුවත්

කෝටි 5ක ජංගම දුරකතන එක්ක දෙදෙනෙක් ගුවන්තොටේදී කොටුවෙයි

Published

on

By

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි .

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත  අද අලුයම 04.55ට පැමිණ තිබුණි .

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

පුවත්

බැසිල්ගේ ඉල්ලීමට රනිල්ගේ ප්‍රතිචාරය

Published

on

By

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා (15) සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පොදුජන පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved