Connect with us

පුවත්

ලංගම බසයක් හා ලොරියක් මුහුණට මුහුණ හැපී 22ක් රෝහලේ

Published

on

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බවය.

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක හා මෙසේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇත.

පුවත්

ජනපති හා ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස්  පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී  ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස්  පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය  සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්,  ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය  සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා  දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

Published

on

By

ඇමෙරිකාව විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන ලංකා වාණිජ මණ්ඩලය, අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පවසා ඇත්තේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, අමෙරිකාවට අපනයනය කිරීම සඳහා කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවයි.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අගෝස්තු 01දා වනවිට තවදුරටත් අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් රජයේ උත්සාහයන්ට සහායදීමට සූදානම් බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

සුරාබදු කොමසාරිස් තැනට NPP ජාතික ලයිස්තුවේ සිටි වසන්තාගේ සැමියා දැම්මයි විරෝධයක්

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික  විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා පත්කිරීමට විරෝධය පළ කරන බව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසයි.

මෙම තනතුර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටියදී සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසය ප්‍රථම වරට පරිබාහිර නිලධාරියකු පත් කිරීමට වර්තමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බවද එම වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේය.

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියකු පත්කරන ලෙස ඉල්ලා සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජූලි මස 6 වැනිදා ලිපියකින් දැනුම් දී තිබේ.

ඒ සඳහා වෘත්තීය සමිති 11 ක අත්සනින් යුතු ලිඛිත ඉල්ලීමක්ද වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා වෙත මීට පෙර ඉදිරිපත් කර තිබී ඇත.

මේ පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා විසින් සිදු කර ඇති අතර ජනාධිපතිවරයා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අදාළ පත් කිරීමට කැබිනට් අනුමැතිය ද ගෙන ඇතැයි පැවසේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා අද (10) දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත නිසා මේ පත් කිරීම සිදු කර ඇත.

මීට පෙර මෙම තනතුරට පත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වුවත් සුරාබදු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම තනතුර සඳහා පරිබාහිර නිලධාරියෙකු පත් කර ඇති බවයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත්කිරීමට තීන්දු කර ඇති ප්‍රේමරත්න මහතා ජනපතිවරයාගේ ගමේ තඹුත්තේගම උපන් අයකු බවයි.

එසේම ඔහු ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවේ සිටි ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය ගේ ස්වාමි පුරුෂයා ද වන බවයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved