Connect with us

පුවත්

ලංගම බස් 175ක් යළිත් ධාවනයට

Published

on

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස්  රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන  අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක්  මෙලෙස භාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ  ඉංජිනේරුවරුන්ගේ  සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අළුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.

මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ද අල්විස්,  ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ලක්ෂ්මන් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

Published

on

By

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved