Connect with us

පුවත්

ලංවිම ලොක්කෝ 2ක් දොට්ට, අතිරේක මූල්‍ය කළමනාකාරවරියගේ වැඩ තහනම්

Published

on

වංච­නික ටෙන්ඩර් ක්‍රියා­ව­ලි­යක් මඟින් රුපි­යල් ලක්ෂ 140ක් (මිලි­යන 14ක) මූල්‍ය වංචා­වක් සිදු කර ඇති බවට විධි­මත් පරී­ක්ෂ­ණ­යක් අනුව තහ­වුරු වීමෙන් පසු ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ ඉහළ පෙළේ නිල­ධා­රීන් දෙදෙ­නකු සේව­යෙන් පහ­කර තවත් විෂ­මා­චා­ර­ය­කට හවුල් බවට චෝදනා එල්ල වූ නිල­ධා­රි­නි­ය­කගේ වැඩ තහ­නම් කිරී­මට අධ්‍යක්ෂ මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය පසු­ගි­යදා රැස්වී මේ තීර­ණය ගෙන ඇත.

වසර 2023 සිදු කර ඇති මෙම වංච­නික ටෙන්ඩර් ක්‍රියා­ව­ලිය හරහා මුදල් වංචා­වට සම්බන්ධ බවට තහ­වුරු වී ඇත්තේ ඉංජි­නේරු නිශාන්ත පට­බැ­ඳිගේ නමැති නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යායි. ඔහුට එරෙ­හිව චෝදනා 33ක් ගොනු­කොට තිබූ අතර ඔහු ඉන් 31කට වර­ද­කරු වී ඇත.

විදු­ලි­බල මණ්ඩ­ලයේ මාධ්‍ය කළ­ම­නා­කරු වජි­ර­පානි බණ්ඩා­ර­නා­යක මහ­තාට චෝදනා 39ක් ඉදි­රි­පත් කොට තිබූ අතර ඔහු ඉන් 34කට වර­ද­කරු වී තිබේ. මේ අනුව ඔවුන් දෙදෙනා සේව­යෙන් පහ­කි­රී­මට අධ්‍යක්ෂ මණ්ඩ­ලය තීර­ණය කර ඇත.

එමෙන්ම වාහන අව­භා­වි­තා­ව­කට හා අර්ථ­සා­ධක අර­මු­ද­ලින් ලබා­ගත් ණය මුද­ල­කට අදා­ළව සිදු­කොට ඇති මූල්‍ය විෂ­මා­චාර චෝද­නා­වට ලක්වූ අති­රේක මුදල් කළ­ම­නා­කා­රිනී ගණ­කා­ධි­කාරි තුෂාරි ත්‍රීම­වි­තාන මහ­ත්මිය වැඩ තහ­න­ම­කට ලක් කිරී­මට ද පිය­වර ගෙන ඇත.

මෙම තීර­ණය ගෙන තිබෙ­ණුයේ විදු­ලි­බල මණ්ඩ­ලයේ විශේෂ විම­ර්ශන ඒක­කය මඟින් ඇයට එරෙ­හිව සිදු කළ මූලික විම­ර්ශ­න­ය­කින් පසු­වය.

මෙම තීරණ ගැනී­මට එහි අධ්‍යක්ෂ මණ්ඩ­ලය පසු­ගි­යදා කට­යුතු කළේ විශේෂ විම­ර්ශන ඒක­කයේ නිරී­ක්ෂණ සලකා බල­මිනි.

(දිනමිණ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved