Connect with us

පුවත්

ලංසා – ‌මෛත්‍රී එක්කත් රහස් කතාවක; මෛත්‍රීත් ජනපති සටනට සූදානම්

Published

on

ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇතැයි වාර්තා වේ.

විදේශගතව සිටි නිමල් ලන්සා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකු සහ බස්නාහිර පළාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකුද සහභාගි වී ඇති බව පැවසේ.

ඉදිරි කාලයේදී ශ්‍රීලනිපය සහ නිමල් ලන්සා කණ්ඩායම එකට වැඩ කිරීම ගැන මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

මෙම වැඩපිළිවෙළට බාධාකාරී ලෙස හැසිරෙන ශ්‍රීලනිපයේ ඉහළ නිලතල දරන්නන්ගේ තනතුරු ගණනාවක්ම ඉතා ඉක්මනින් වෙනස් කෙරෙන බවටද මෙකී සාකච්ඡාවේදී ඉඟි පළ වී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

”මමත් ජනාධිපති වෙන්න සුදුසුයි…”

මේ අතර,  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ”මමත් ජනාධිපති වෙන්න සුදුසුයි…” යනුවෙන් පසුගියදා ප්‍රකාශයක් කර තිබිණි.

ඒ අනුව ඔහු තුළද තවදුරටත් ජනපති වීමේ අදහස ඉතිරි වී ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

ලංසා හා ජනපති කාර්යාලයේ පිරිස් අතර මේවන විට නිතර නිතර ගැටුම් ඇතිවෙමින් ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ‌ලංසා විදෙස්ගතව සිටි බවත් පැවසේ.

මේ අතර, රාජගිරිය ප්‍රදේශයේ දී ලංසා විසින් ආරම්භ කරන ලද නව දේශපාලන ව්‍යාපාර කාර්යාලය පසුගිය දිනවල පාළුවට ගොස් තිබුණ බවද වාර්තා වේ.

නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීමේ මෙම කටයුත්තට ලන්සා මහතාට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්
ලංසා නායකත්වය දෙන මංගල රැලිය ජාඇල 

බැසිල්, රනිල් හමුවෙලා, කතා කළේ ලංසා ගැනයි 

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved