Connect with us

පුවත්

ලක්ෂ 800ක ජීප් එකක් හොරෙන් ගෙනා දොස්තරව වලානෙන් සොයයි

Published

on

නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර රේගු නිෂ්කාශන වාර්තා සහ ලියාපදිංචි කිරීමේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී ජීප් රථයක් ව්‍යාපාරිකයකු විසින් විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කුරුණෑගල නගර මධ්‍යයේ දී ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇත

කොළඹ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු විසින් අති සුඛෝපභෝගී ජීප් රථය නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර ඇති අතර කුරුණෑගල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් එම ජීප් රථය විකිණීමට කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ජීප් රථය මෙරටට ආනයනය කළ වෛද්‍යවරයා සහ කුරුණෑගල කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 

වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකදී මෙම ජීප් රථය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එම ජීප් රථය ඉකුත් 2020 වර්ෂයේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබූ කාලසීමාවේදී ගෙන්වා ඇති බව හෙළි වී ඇත. රේගුව පවා නොමග යවා ජීප් රථය ආනයනය කර ඇති අතර ව්‍යාජ ලිපි ලේඛන සකස් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved