Connect with us

පුවත්

ලබන අවුරුද්දේ වෘත්තීය පුහුණු බඳවා ගැනීම් 50,000 කින් වැඩිකරනවා

Published

on

වෘත්තීය පුහුණු ආයතනවලට බැඳීම සඳහා දැනට වාර්ෂිකව සිසුන් 200,000ක් පමණ පැමිණෙන නමුත් එම ආයතනවලට බඳවා ගනු ලබන්නේ 125,000ක් පමණක් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

“මගේ අමාත්‍යාංශය වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය. අවුරුද්දකට 125,000ක් ඔයාලාගෙ දරුවෝ බාරගන්නවා අපි. ජර්මන් ටෙක් එකට, යුනිවෝ ටෙක් එකට, සාගර විශ්වවිද්‍යාලයට, VTA එකට, ටෙක්නිකල් කොලේජ්වලට 125,000ක් බන්දා ගන්නවා. මම බලනකොට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් විතර අපේ ගාවට එනවා, බන්දාගන්නෙ 125,000 යි, අනිත් දරුවො හරවලා ගෙදර යවනවා. ලබන අවුරුද්දේ අපි අඩුගාණෙ 175,000ක් බන්දා ගන්නවා. හදනවා වැඩේ, බයවෙන්න එපා. ඔයාලාගෙ දරුවොන්ට කියන්න අපෙ ගාව හොඳ පාඨමාලා තියෙනවා. විශාල වටිනා පාඨමාලා තියෙනවා. ජර්මන් ටෙක් එකෙන් පිටත්වෙන දරුවොන්ට ලක්ෂ ගණන් පඩි. ගොඩක් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. දැනට බන්දාගන්නෙ 657 යි. මම ඉල්ලුවා ළඟ අක්කර 4ක ඉඩමක් තියෙනවා, දෙන්නම් කියලා කිව්වා. ලබන අවුරුද්දේ අපි 1000ක්වත් බන්දාගන්න වැඩි කරනවා. එහෙම තමයි කරන්න ඕනෙ. එහෙම නැතිව මේ කාණු අස්සෙ, පාලම් අස්සෙ, බෝක්කු අස්සෙ ඉන්න තරුණයො හදලා වැඩක් නෑ. ඒ තරුණයො තමයි කුඩු ගහන්නෙ, ඒ තරුණයො තමයි පාතාලේ රුපියල් 3000ට මිනීමරන්නෙ. තරුණයින්ට බැනලා වැඩක් නෑ, ඒ තත්වයට බලපාපු පරිසරය වෙනස් කරන්න ඕනෙ”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved