Connect with us

පුවත්

ලබන ඔක්තෝබරයේදී ජනපති චීනයට !

Published

on

ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය ද මෙය වේ. 

මේ සංචාරයේ ඔහුග‌ේ ප්‍රධාන ඉලක්කය වනුයේ නව ආයෝජන සෙවීම, වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සහ ඇනහිට ඇති ව්‍යාපෘති සඳහා අරමුදල් නැවත ලබා ගැනීමට කටයුතු කිරීම බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ් අතරින් කොළඹ වරාය මූල්‍ය නගරය සඳහා ආයෝජන කඩිනම් කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය – කඩවත – මීරිගම කොටස සඳහා අරමුදල් නැවත ලබා ගැකීම පිළිබඳව Exim බැංකුව සමඟ සාකච්ඡා කිරීම හා හම්බන්තොට ප්‍රදේශය අවට නව ආයෝජනයන් සඳහා ආයෝජකයන් සෙවීම මෙම සංචාරයේදී සාකච්ඡාවට බඳුන්  ප්‍රමුඛතා ලැයිස්තුව බව එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක අරමුදල් ලබා ගැනීමට අපේක්ෂිත හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතිය සඳහා චීන ආයෝජනයක් ද මෙම සංචාරයේදී සාකච්ඡා කර අවසන් කිරීමට අපේක්ෂිත බව පැවසේ.

අපනයනය ඉලක්ක කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා වන යොමු නියමයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දැනටමත් අවසන් කර තිබුණි.

ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර චීන විදේශ අමාත්‍යවරයා හා දූත පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම චීන නියෝජිත පිරිස අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, කොළඹ වරාය මූල්‍ය නගරය යෝජිත ව්‍යාපෘති සහ හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිත ආයෝජන පිළිබඳව සොයා බැලීමට අමතරව නව ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බවද පැවස‌ේ.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved