Connect with us

පුවත්

ලබන ජනවාරියේ ආරක්ෂක ලේකමුත් ගෙදර

Published

on

ලබන ජූලි සහ සැප්තැම්බර් මාස අතරතුර පැවැත්වීමට සැලැසුම් කරමින් සිටින ජනපතිවරණය හේතුවෙන්  වත්මන් ආරක්ෂක ලේකම් ද වෙනස්විය හැකි බවට වාර්තා පැතිර තිබේ.

ඒ අනුව එම වෙනස ලබන ජනවාරියේ දී සිදුවිය හැකි බවත්, වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවට හිටපු යුද හමුදාපතිවරයකු වන ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා පත්වනු ඇතැයි ද පැවසේ.

කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත්කෙරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 බලයට පත්වීමත් සමඟය. 

ජනරාල් ජගත් ජයසූරිය මහතා වසර 2009 සිට 2013 දක්වා ශ්‍රී ලංකාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය. 

ඔහු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරන හිටපු හමුදා ප්‍රධානියෙකි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ජනවාරි මස දෙවැනි සතියේ ආරම්භ කෙරෙනු ඇතැයි ද පැවසේ.

එම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පත්කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

ඊට පෙර සාගල රත්නායක මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයෙන් ඉවත් වීමට ද නියමිත බව පැවසේ.

එහෙත් ඔහු දරන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන උපදේශක ධූරය තවදුරටත් දරනු ඇතැයි ද වාර්තා වෙයි.

මූලාශ්‍රය – දේශය

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved