Connect with us

පුවත්

“ලබන වසරේ මහ කන්නයේදී ජාජබ රජයක්”; ජාජබ සමුළුව කානතාවන්ගෙන් උතුරයි

Published

on

ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ අද (11) පැවැති ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසිංහ,වසන්ත සමරසිංහ,එම පක්ෂකයේ විධායක නිලධාරින් ඇතුළු කාන්තාවන් විහාල පිරිසක් එක්ව සිටියහ.

එම කාන්තා සමුළුව අනුරකුමාර දිසානායක මහතා ඇමතු අයුරැත් ඊට සහභාගිවු කාන්තාවන් පිරිසෙන් කොටසකුත් සේයාරැ වලින් දැක්වේ.

අනුරකුමාර මහතා ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසුව ඇමතූ පළමු රැළිය මෙය වේ.

මේ සමුළුවට අති විශාල කාන්තා සහභාගිත්වයක් ලැබීම ද විශේෂිතය.

පුවත්

කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!

Published

on

By

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට රීසා සරූක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.

විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක පහුගිය සතියේ පැවති සජබ – එජාප – ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවල  නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමකදී එවැනි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.  

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයට පත්ව ඇත.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

පුවත්

මිචලින් සේවකයන් බාරගන්නා බව සියැට් නිවේදනය කරයි

Published

on

By

තම පරිපාලනය යටතේ මිචලින් කර්මාන්ත ශාලාවේ දැනට සේවයේ යෙදෙන සේවක සේවිකාවන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව, ඉහත එම කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමා සහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම කියා සිටී.

මේ ගනුදෙනුව යටතේ මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැසෝ සන්නාමය යටතේ වන Off-Highway ඉදි කිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමා සහිත සියැට්ස මාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග 2024 දෙසැම්බර් මස දී ගිවිසුමකට එළඹි බවද එම සමාගම නිවේදනය කරයි.

එම ගිව්සුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්ත ශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්තශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශ වල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වන බව පැවසේ.

මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක සේව්කිවන්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ යහ පැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමධ හා විනිවිද භාවයෙන් යුතුව සිදු විය යුතු බව සමාගමේ දැඩි විශ්වාසය බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැටි ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම, මීචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වැනිදා අත්සන් තැබූ බවද පැවසේ.

සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මීචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇතැයිද දැක්වේ.

 සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැටි සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්‍රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරයි.

 ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සීමා සහිත සියැට් සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමකි. 

පූර්ණ රජයේ ආයතනයක්ව තිබූ කැලණි ටයර් සංස්ථාව මිලදී ගනු ලැබුවේද ඉන්දියානු සියැට් සමාගම විසිනි. 1993 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙය තරමත ආන්දෝලනාත්මක ගනුදෙනවක් සේ සැලැකේ.

කෙස්වුවද, මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනය විකිණීමට සූදානම් වන බව පවසමින් එහි සේවකයෝ පසුගියදා විරෝධතාවක්ද පවත්වා තිබිණි. 

සබැදි පුවත්

Continue Reading

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved