Connect with us

පුවත්

ලබන වසරේ සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

Published

on

රාජ්‍ය සේවකයන් සඳහා 24 % සිට 50% ට වැඩි ආකර්ෂණීය වැටුප් වර්ධකයක් ලබන වසරේ සිට ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) පැවැති  ප්‍රවෘත්ති  සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ  මහතා මේ බව සඳහන් කළේය.

උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහිදී පවසා සිටියේ දැනට රුපියල් 24,250ක් වන රාජ්‍ය සේවයේ අවම වැටුප, වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව රුපියල් 30,000ක් වන අතර එම වැටුපට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ද එකතුව රාජ්‍ය සේවාවේ අවම වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ  නැංවීමට  නියමිත බවය.

එමෙන්ම, ඉදිරියේදී  කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් එම වැටුප් තලයන් රාජ්‍ය සේවකයන්ට ලබාදීම බලයට පැමිණෙන ආණ්ඩුවේ වගකීමක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා,

“පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කර ගනිමින් වැටුප් වර්ධකයන් ඉහළ නැංවිය යුතුයි. වර්තමානයේ පවතින මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය සියයට 24කින් හා ඊට අනුරූපීව සියලු රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා සියයට 24 සිට සියයට 50ට වැඩි ප්‍රමාණයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නංවනවා. සියලු රාජ්‍ය සේවකයන් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000 බැගින් ලබා දීමට ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ නැංවෙනවා.

විශ්‍රාමිකයන් සඳහා ද 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500 බැගින් ලබාදීමටත් 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමටත් ක්‍රියා කරනවා. එමෙන්ම පවතින රාජ්‍ය මූල්‍ය විභවතාව මත අදියරගතව සුදුසු පරිදි ප්‍රතිලාභ සලසා දීමට 2025 අය-වැය මඟින් ක්‍රියා කරනවා. රාජ්‍ය සේවයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ට මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් 2025 වසරේදී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදු කර නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එමඟින් අවශ්‍යතාව පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳ නිසි තක්සේරුවක් සිදු කරනවා.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved