Connect with us

පුවත්

ලයිසන් අලුත් කරගන්න බැරිව මත්පැන් හල් තුන්දාහක් වැසෙයි

Published

on

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් පදනම් කර ගනිමින් ලබන වර්ෂය සඳහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමෙන් මත්පැන් හල් තුන්දහසක් පමණ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුවන බව බලයලත් මත්පැන්ලාභී සංගමය ආණ්ඩුවට පෙන්වා දෙයි.

එම සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ පවතින නීතිමය තත්ත්වය යටතේ හා අධිකරණය ලබා දී ඇති නියෝගවලට අනුව බලපත්‍ර අලුත් කරන ලෙසයි.

එසේ බලපත්‍ර අලුත් නොකරන්නේනම් ඊට බලපෑම් කරන සියලු නිලධාරීන්ට එරෙහිව නඩු පවරන බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

සුරාබදු ආඥා පනතේ නීති රීතිවලට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිෂ්කාශන සහතිකයක් ලබා ගැනීමේ නියමයක් නොමැත.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඉහළ නැංවීමට මෙම තීරණය උචිත වුවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග බදු ගෙවන්නන් කරන අක්‍රමිකතා නිසා බදු ආදායම අහිමි වී ඇති බව පෙනී යන්නේ යැයි එම ලිපියේ සඳහන් වෙයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරී කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කරන බවත් ඊට බලපෑම් කරන බවත් එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් නිෂ්කාශන සහතිකයක් ලබා දෙන්නේනම් බදු වංචා සිදු වී සිරබත් කෑමට සිදු නොවන බව සංගමයේ අදහසයි.

දත්ත පද්ධතිය හරහා බදු ගෙවීම් පිළිබඳ තොරතුරු ලබා දුනහොත් දැනට නිකුත් කරනු ලබන ව්‍යාජ නිෂ්කාශන සහතික භාවිත කරමින් බදු දැලෙන් රිංගා යන වංචනිකයන්ට හා ඒ මතින් යැපෙන නිලධාරීන්ටද සෝචනීය තත්ත්වයක් උදාවන බව එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යාංශයට, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද යොමු කර ඇත.

දිවයින පුරා මත්පැන් අලෙවිසල් හාරදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved