Connect with us

පුවත්

ලලිත් කොතලාවල මැරුණේ සෙම නරක් වෙලා

Published

on

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ⁣(85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි .

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක්  කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී (23) දා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .

දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි .

ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය  කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සෙම නරක් වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව බවට නිගමනය වීය.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved