Connect with us

පුවත්

ලාංකිකයන්ට අද සිට තායිලන්තයට ඇතුළුවන්න වීසා අනවශ්‍යයි

Published

on

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.

මෙසේ වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමිවන්නේ  පළමු වතාවටය.

තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන් වේ.

මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වේ.

තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved