Connect with us

පුවත්

ලාංකිකයන්ට දකුණු කොරියා රැකියා ලබා දීමට වැඩසටහනක්

Published

on

නියමු ව්‍යාපෘතියක් ලෙස කොරියානු ජන රජයේ සෘතුමය සේවක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොරියානු රජය තම කෘෂිකර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර වල ඍතුමය ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ඍතුමය සේවක වැඩසටහන හඳුන්වා දී ඇත .

එමඟින්, එරට පළාත් පාලන ආයතනවලට කෙටි කාලයක් සඳහා විදේශීය සේවකයින් නීත්‍යානුකූලව බඳවා ගැනීමට ඉඩ සලසා දී ඇති බව සඳහන්ය.

එම වැඩසටහන් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා අවස්ථාව සලසා දීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කර ගැනීම පිණිස කොරියානු ජන රජයේ පළාත් සහ නගර සභා (ප්‍රාන්ත) විසින් කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව, සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එකී වැඩසටහන යටතේ උපරිම වශයෙන් වසර තුනක (03) කාල සීමාවක් තුළ වාර තුනක් (03) දක්වා සේවය කිරීමට හැකි වන පරිදි නියමු ව්‍යාපෘතියක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජන රජයේ අදාළ පළාත් සහ නගර සභා (ප්‍රාන්ත) සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමටත්, නියමු ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය මත පදනම්ව එම වැඩ සටහන ඉදිරියට පවත්වා ගෙන යාමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර ඇත.

පුවත්

කෙහෙළියට සහ පුතාට ඇප (UPDATE)

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.


(පෙර පුවත 2025 ජුනි 03 පෙ.ව.10.12 )

රඹුක්වැල්ල පිය පුතු දෙපොළ අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

ජූනි මස පළමු රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය අද යි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

 පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර තිබේ.

Continue Reading

පුවත්

ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

Published

on

By

සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved