Connect with us

පුවත්

ලැබුණු E-8 වීසා අදින් ඉවරයි; E-8 වීසා ලැබුණේ මට පෞද්ගලිකව – මනූෂ

Published

on

කොරියානු E-8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව අදාළ වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ (25) පැවසුවේය.

ඔහු කියා සිටින්නෙ මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් ලබා ගත හැකි බවත්, මෙම අවස්තාව මග නොහැර ගන්න ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මෙසේද කියා සිටියේය

” මම පුද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ E-8 කියන වීසා කාණ්ඩය අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ E-8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත වලින්. අපේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ. ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවයකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා.”

වීසා ඉවරයි

මේ අතර, තමන්ට හිමිවී ඇති කොරියානු E-8 වීසා සියල්ල අද (26) දිනයෙන් අවලංගු වන බව දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් විරෝධතාවයේ යෙදී සිටින E-8 වීසා ලබාගත් පිරිස පවසති.

ඔවුන් කියා සිටින්නේ ඒ අනුව 100 දෙනෙකුගේ වීසා අවලංගු වන බවය.

රජය මැදිහත් වී අවලංගු වූ වීසා නැවත ලබාගැනීමට ක්‍රමයක් හෝ දකුණු කොරියානු රජය දනුවත් කර වීසා ඉල්ලුම් කළ රැකියා සදහා යාමට ඇති කාලය දීර්ඝ කර දෙන ලෙස මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව විසදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් විය යුතු බවය.

මෙම පිරිස ඊයේ (25) බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසලින් කොළඹ කොටුව දෙසට ගොස් උද්ඝෝෂණයේ යෙදුණහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ තමන්ගේ ගැටලුවට නිසි පිළිතුරු ලැබෙන තෙක් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බවය.

වීසා අවලංගු වීම වෙනුවෙන් දැන් කළ හැකි දෙයක් නොමැති උවත් රජය මැදිහත් වී තමන්ගේ රැකියා ආරක්ෂා කිරීමට හෝ කටයුතු කළ යුතු බව එම පිරිස පවසති.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved