Connect with us

පුවත්

ලෙඩ උල්පත්වන තරබාරු කට්ටිය වැඩිවීම ලංකාවටත් හිසරදයක් වෙයි!

Published

on

මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන්නේ, බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවය.

ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය එම අදහස් පළ කළාය.

ලබන 04 වැනිදාට යෙදෙන ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් “දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු” යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. 

“2015 දී 22.5%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව පුරුෂයින් අතර. මේ ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් අතර 2015 දී 34%ක් බර වැඩි සහ තරබාරු ගණයට වැටුණා. 2021 වනවිට 48%ක් වෙලා තියෙනවා බර වැඩි සහ තරබාරු ගණයට වැටෙන සංඛ්‍යාව. පරිභෝජනය කරන ප්‍රමාණය අපි වැයකරන ප්‍රමාණය ට වඩා වැඩිනම් ඒ වැඩි ප්‍රමාණය අපේ ශරීරයේ තැන්පත් වෙනවා තෙල් විදියට. ඒක තමා බර වැඩිවීමට බලපාන්නේ. මේය පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඇති කරනවා. “

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදීත් එක වෙයි

Published

on

By

ජර්මනියේ පැවති Internationales Leichtathletik Meeting මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. 

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

Continue Reading

පුවත්

තරුණයින් 2කගේ සිරුරු මල්වානේ කුඹුරක

Published

on

By

දොම්පේ  මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස්  නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇතග

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Continue Reading

පුවත්

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කාළා ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved