Connect with us

පුවත්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්

Published

on


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.

ලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ලෙබනනයට පැමිණ ලියාපදිංචි කාලය ඉක්මවු පසු නැවත එකී ලියාපදිංචිය යාවත්කාලීන නොකර දීර්ඝ කාලීනව රැකියාවල නියුතු වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම සහන කාලය ලබාදී ඇත.

එම සහන කාලය 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 2025 ජනවාරි මස 08 වන දින දක්වා එනම් මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මකය.

එකී කාලය තුළ තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචිය කඩිනමින් සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම්දෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන නානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබේ.

01) වලංගු වීසා බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය(මෙම ලේඛණයන් තිබීම අනිවාර්ය වේ.)

02) දැනට සේවය කරන ස්ථානයට අදාළ වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) 03) උක්ත අංක (01) සදහන් ලියකියවිලි සහිත වුවත්, වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) නොමැති අය තානාපති කාර්යාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රකාශ පත්‍රිය (Self-Declaration) පිරවිය යුතු අතර, එහිදී ලියාපදිංචිය සිදුකර ගත හැක.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් 62ක (USD 62/-) රජයේ ගාස්තුවක් අයකරනු ලබන බව සඳහන්ය.

ඒ අනුව, විශේෂයෙන්ම මෙම යුද වාතාවරණය තුළ ලබා දී ඇති මෙම විශේෂ සහන කාලය මහඟු අවස්ථාවක් කර ගනිමින්, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ලියාපදිංචි විගමණික ශ්‍රමිකයන් හට හිමි වන සුබ සාධන හා රක්ෂණ ප්‍රතිලාභ හිමිකර ගනිමින් රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්  දෙයි.

2024.10.13 වන ඉරු දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා තානාපති කාර්යාලය මේ සඳහා විශේෂයෙන් විවෘතව පවතින අතර, එදිනට පසු ඉදිරි මාස 03ක කාලය තුළ සෑම සතියේ දින පහ තුළදී ම මෙම සේවාව ලබා ගත හැකිය.

වැඩිදුර විමසීම්:

1.00961-81685186/00961-81915603
කෞෂි මෙය / කුමාරි මිය කම්කරු ලිපිකරු

2. 00961-79125589
ක්ෂණික ඇමතුම් අංකය තානාපති කාර්යාලය
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරෑට් – ලෙබනන්

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved