ඉන්දියාවේ ලොකු ලූනු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළ වීමත් සමඟ දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ලූනු කිලෝව රුපියල් 250ත් – 300ත් අතර ඉහළ දමා අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව වහා රජය මැදිහත්ව සොයා බලන්නැයි දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ ඉල්ලා සිටිති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව විදේශීය ලොකු ලූනු ගෙන්වා බෙදාහරින වෙළෙඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු වූ ජේ.එම්. ෆසිල් මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (12) කියා සිටියේ ඉන්දියාවේ ලොකු ලූනු වෙනත් රටවලට යැවීම තහනම් කිරීමට පෙර ලොකු ලූනු කිලෝව අලෙවි වූයේ රුපියල් 190ත් – 230ත් අතර මිලකට බවයි.
එකවරම ඊයේ (12) උදෑසන වන විට ලොකු ලූනු කිලෝව රුපියල් 450ත් 500ත් අතර ඉහළ මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව ව්‍යාපාරිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුහු පවසති.
මෙම ලොකු ලූනු අෙලවි මිල ඉහළ දැමීම පිටුපස ලූනු මාෆියාවක් ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙන එම වෙළඳුන් ලොකු ලූනු ආනයනය නොකර මේ පිරිස ගබඩා කළ ලොකු ලූනු වලින් විශාල ලාභයක් ලබමින් සිටින බවයි.
උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙම ජාවාරම සිදු කරන බවද පෙන්වා දෙන ඔවුන්, රජය වහාම මැදිහත්ව වෙනත් රටවල්වලින් හෝ අඩු මුදලට ජනතාවට අවශ්‍ය ලොකු ලූනු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම සිදු කළ යුතු බවත් කීය.
මේ අතර, සංවිධානාත්මක ලෙස දේශීය ලොකු ලූනු ගොවියා විනාශ කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මත බවත්, වෙනත් වසරවල දෙසැම්බර් ජනවාරි, පෙබරවාරි හා මාර්තු වන තුරු දේශීය ලොකු ලූනු වෙෙළඳපොළේ පැවැතිය ද මෙවර එසේ ලොකු ලූනු නොවීම ගැටලුවක් යැයිද ඔවුහු කියති.
එහෙත් මෙවර දේශීය ගොවීන් ලොකු ලූනු වගාවෙන් ඉවත්වීම නිසා විදේශීය රටවලට විශාල වශයෙන් ඩොලර් යවා අතරමැදි කණ්ඩායමක් ලූනු මාෆියාවක නිරතව සිටින බවද ඔවුහු චෝදනා කරති.
මේ වන විට දඹුල්ලේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙෙළඳසැල්වලින් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 සිට 500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ආනයන පාලකට JPP එකෙන් අභියෝගයක්
මේ අතර, ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටින්නේ ලොකු ලූනු වලට රුපියල් 10ක බද්දක් පැනවීමෙන් පසුව ඉන්දියාවෙන් ලොකු ලූනු විශාල වශයෙන් ආනයනය කර ඇති බවයි.
හැකිනම් ආනයන පාලකවරයාට හා රේගුවට මේ සංඛ්‍යා හෙළිකරන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබේ.
Watch this video on Facebook