Connect with us

පුවත්

ලෝකෙට ලොකුම සුවඳ කූරු කැලණියේ හදයි (ඡායා)

Published

on

වැල්ලම්පිටිය වෙන්නවත්ත සිව්බල සේනා සංවිධානය විසින් ලොව විශාලතම හඳුන්කූර දැල්වීමේ “සිව්බල මහා සුවඳ දුම්පූජාව” මෙගොඩ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී පසුගියදා ප්‍රදර්ශනය කෙරුණේ ය.

බුදුන්වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී මෙම සුවද දුම් පූජාමය හඳුන්කූර දැල්වීම සිදු කෙරුණේ පන්දම් විලක්කු වලිනි.

මෙම සුවිශේෂ වූ හඳුන් කූරක දිග අඩි හැටක් වන අතර මෙහි බර කිලෝග්‍රෑම් සීයකට ආසන්න බවද වාර්තා වේ.

මාස අටක් නැත්නම් පුරා දින දෙසිය හතළිහයක් තුළ මෙම මහා හඳුන්කූර සකස් කිරීම සිදු කර තිබිණි.

මේ නිර්මාණය සිදු කළ අයුරු අභිසෙත් හඳුන්කූරු ආයතනයේ කළමනාකාරිණි කේ.දිළිණි පෙරේරා මහත් මිය මෙසේ කියා සිටියාය.

අඩි 60 ක් උස උණ ගසක් හොයාගෙන සෙවනේ වියලා පදම් කරගෙන බර අඩුකර ගත්තා. පසුව උණ ගසේ ඇතුළත සිදුරු කර මාස ගණනක් වියලන ලද ගොඩ දිය සුවඳ මල් 50 කට අධික ප්‍රමානයක් මෙම උණ ගසේ ඇතුළත තැන්පත් කළා. මේ සඳහා විවිධ සුවඳ සහිත පළතුරු පැළවල කොළ ඉති ආදි පස් පංගුව ද ඇතුළත් කර සකස් කළා. ලී කුඩු, කළු කුඩු සහ මෙම හඳුන්කූර සකස් කර ගන්නට අවශ්‍ය පදම හා තාක්ෂණයට සරිලන පරිදි පට්ට කුඩු, සෙවල ගස්වලින් සකස් කළ සෙවල, බෝබු ගසේ කොටස්ද සකස් කර විවිධ වර්ගයේ සුවඳ කුඩු කිලෝ පහකට අධික ප්‍රමාණයක්ද අප මෙම හඳුන්කූරට එක් කර සකස් කළා.

මෙයට අමතරව හඳුන් දර කුඩු, සුදු හඳුන් කුඩු,රත් හඳුන් කුඩු ආදි සුවඳ කුඩු සහිත ද්‍රව්‍යද එක් කර පැය ගණනාවක් දැල්වෙන පරිදි සැතැම්ම ගණනාවකට සුවඳ පැතිරෙන ආකාරයට මෙම හඳුන්කූර සකස් කර නිමාවට පත් කළා. විශාල පිරිසක් ඒ සඳහා එකට එක්ව කටයුතු කළ බවද ඇය කීවාය.

මෙය ලෝකයේ මෙතෙක් සකස් කරන ලද විශාලතම හඳුන් කූර ලෙස ඉතිහාසයට එක් වෙන බව සිව්බලසේනා සංවිධානයේ සභාපති පුජ්‍ය මෙටපිටියේ රතනසිරි හිමියන් පැවැසූහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved