Connect with us

පුවත්

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Published

on

එළැඹෙන ජූලි 28 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් නම් කර තිබේ.

දැල්පන්දු සම්මේලනය විසින් මීට පෙර ලෝක කුසලානය සඳහා මූලික සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස සහ එන්. ප්‍රසාදි යටතේ මූලික පුහුණුවීම් සිදු කළේය.

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රියාත්මක වන වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා තර්ජනී ශිවලිංගම්ගේ සහභාගීත්වය තරමක ප්‍රශ්නාර්ථයක් වී ඇති අතර යම් හෙයකින් ඇයට සංචිතයට එක්වීමට නොහැකි වුවහොත් ඉමේෂා පෙරේරා කණ්ඩායමට එක්වීමට නියමිත බවද දැල්පන්දු සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංචිතය දැල්පන්දු තේරීම් කමිටුව විසින් තෝරා ඇති අතර දමයන්ති ජයතිලක සභාපතිත්වය දරන එම තේරීම් කමිටුවට තිසංගි කොඩිතුවක්කු සහ චාමිකා ජයසේකරද ඇතුළත් කර තිබේ.

මීට පෙර නම් කළ 16 දෙනාගේ සංචිතයේ සිටි ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න සහ තරුෂි නවෝද්‍යා යන ක්‍රීඩිකාවන් අවසන් සංචිතයෙන් ඉවත් වී තිබීම විශේෂත්වයකි.

අවසන් සංචිතය:

තිශාලා අල්ගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා. අතිරේක ක්‍රීඩිකාවන්: ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, තරුෂි නවෝද්‍යා පෙරේරා.

පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

Published

on

By

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කර ඇත.

ඔහු 2015 – 2019 අතර කාලයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 36,093කි.

Continue Reading

පුවත්

තල්දූව ධූරයෙන් ඉවතට

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබේ.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර තිබෙන බව වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන කාලයේ මාධ්‍යවේදීන් විසින් විමසන ලද විවිධ වු සිදුවිම් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ප්‍රකාශ කරමින් පිළිතුරු දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක් විය.

Continue Reading

පුවත්

සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි

Published

on

By



සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය.

සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා කාලය ලබාදී තිබු අතර සමාගම් තුනක් හැර අනෙක් සියලු සමාගම් මත්පැන් බලපත්‍රවලට අදාළ හිඟ සුරාබදු ගෙවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව වැලිසර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගම යන සමාගම් බදු මුදල් නොගෙවා ඇති බැවින් එම සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාවලියකට යොමුවී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ නඩු තීන්දුවලට අනුව එම සමාගම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝ බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම සහ පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාළ සමාගම් සම්බන්ධ අයිතිය තහවුරු කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්පසු එම සමාගම්වලට අදාළ හිග බදු අයකර ගැනීම සඳහා පියවර ගන්නා බවය.

ඊට අමතරව උතුරු පළාතේ වංකානේ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාළ හිග සුරාබදු ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved