Connect with us

පුවත්

වගා හානි කරන සත්තු ගැන වාර්තාවක් එළියට

Published

on

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව කෑම වැඩිවුණාට පස්සේ, මේ අය ජනතාව ඉන්න ප්‍රදේශවලට ඇදෙන්න පටන් ගත්තා. මේ අය පාලනයට අපි යෝජනා කළා ලංකාවේ ආයතන 15ක් ඒකාබද්ධ කරලා යම් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ වගේම අද පරිසර අමාත්‍යවරයාට යෝජනාවක් භාරදෙනවා මේ සත්ත්ව ප්‍රජාව පාලනයට ගත යුතු පියවරයන් ගණනාවක් සඳහන් කරලා.”

ඉන්දියාවේ ඇතිවු මෙවැනිම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙලෙස අදහස් පළ කලේය.

“දැනට ඉන්දියාවේ ජම්බු සහ කාශ්මීර් කියන ප්‍රාන්තවල කරපු පර්යේෂණ ගණනාවක් තියෙනවා. රිළවුන් වද කිරීමේ දී වන්ද්‍යකරණ සැත්කම් පමණක් නෙමෙයි. ආහාරවලට වන්ද්‍යකරණයට වීමට අවශ්‍ය බෙහෙත් කලවම් කරලා දෙන එක. නැත්නම් වෙනත් හෝමෝන වන්ද්‍යකරණය සඳහා යොදා ගැනීම. තවත් රටවල වෛරස් වගේ දේවල් යොදාගෙන තියෙනවා. අපිට විශේෂයෙන් සත්තු වනද්‍යාකරණයට අවශ්‍ය හෝමෝන ආහාර මාර්ගයෙන් ලබාදෙන්න. එවිට යම් ප්‍රමාණාත්මකව තමා මෙය කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් ලංකාවට ආවේණික උප විශේෂයක් වන macaca sinica රිළවුන් වදවීමේ යෑමේ අවධානමක් තියෙනවා. මේක පර්යේෂණයකින් පස්සේ ආරම්භ කරන්න මේක.”

පුවත්

මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ ඇසිස්ටන් GM කෙනෙක් උසාවි කැඳවයි

Published

on

By

නීතිපතිවරයා විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ හිටපු ප්‍රධානියකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (01) නියෝග කළාය.

අංක HC 39/2019 දරන මෙම නඩුවේ විත්තිකරු ලෙස මහජන  බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද මහතා නම් කර තිබුණි.

අදාළ නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2006 ජුනි මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹදී යම් ලේඛනයක් එනම් යශෝධා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් විසින් 1995 ජූලි 27 වැනිදා ලියා අත්සන් කර අදාළ රාජ්‍ය බැංකුවේ මූලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කර ඇති බවට හැඟවෙන පරිදි සකස් කර තිබූ රුපියල් කෝටි 200කට අදාළ පුද්ගලික සුරැකුම් පතක් ලෙසට සාදන ලද ලේඛනයක් කූට ලෙස සාදනු ලැබූ බව දැන දැනම ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එම ලේඛනය නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස වංචනිකව භාවිත කිරීමෙන් එනම්, කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති අංක 122/2004 දරන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී ඉහත සඳහන් ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස විත්තිකරු විසින් ඉදිරිපත් කළ බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු සිදුකර ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබුණි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 22ක්ද නඩු භාණ්ඩ 18ක්ද නම් කර තිබුණි.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිපතිවරුන් වන සම්පත් හේවාපතිරණ, රොෂාන් ඩයස් සහ මහසෙන් සිල්වා යන මහත්වරු පෙනීසිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කැඳ­වීම් කර තිබු­ණත්,  රාජිත-විමල් අල්ලස් කොමි­ස­මට ඇවිත් නෑ

Published

on

By

අල්ලස් කොමි­සම සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහ­තාට දැනුම්දී තිබුණ ද අස­නීප තත්ත්ව­යක සිටින බව පව­ස­මින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමු­වට පැමිණ තිබුණේ නැත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලීන් උල්ලං­ඝ­නය කර­මින්, අත්ත­නෝ­ම­ති­කව සහ නීති විරෝ­ධීව කොරි­යානු සමා­ග­ම­කට දීමෙන් රජ­යට පාඩු­වක් සිදු කළ බවට ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමි­සමේ විශේෂ විම­ර්ශන ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඊයේ උදෑ­සන 9ට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස රාජිත සේනා­රත්න මහ­තාට ලිඛි­තව දැනුම්දී තිබුණු අතර ඔහු වෙනු­වෙන් ඔහුගේ නීති­ඥ­යකු උදෑ­සන කොමි­සම හමුවේ පැමිණ, සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යක සිටින බවට දැනුම දෙමින් විම­ර්ශ­න­යට සහ­භාගි විය නොහැකි බවට ලිපි­යක් භාර දී තිබේ.

එමෙන්ම හිටපු නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍ය­ව­රයා වන විමල් වීර­වංශ මහ­තාට ද අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඔහු අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ කාලය තුළදී ඇතැම් වෙළෙ­ඳ­සල් විකි­ණීම සිදු කරන විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

ඔහු ද ලබා දුන් දිනයේ පැමි­ණිය නොහැකි බව දන්වා දින­යක් ඉල්ලා ඇති බව වාර්තා විය.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved