Connect with us

පුවත්

වජිරගේ රත්තරං කතාව අහන්න චමුදිතව CIDයට කැඳවයි

Published

on

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දෙමින් එම භාණ්ඩ නිදහස්  කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් චමුදිත සමරවික්‍රම මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. 

රේගු පරීක්ෂණයේදී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර තිබූ අතර රාජසන්තක කරන ලද එම කෝටි එක හමාරක රත්තරන් තොගය නිදහස් කරන ලෙස වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියකින් දන්වා තිබිණි.

රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් මහතා විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටිමින් BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් කරන ලද  ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බව එම ලිපියේ සඳහන් විය.

අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥාපනතේ 2 විධිවිධාන යටතේ තමන්  වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබිණි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved