Connect with us

පුවත්

“වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්”

Published

on

තමන්ට පාර්ලිමේන්තු බලය ලැබුණ හොත් වත්මන් ආණ්ඩුව මෙන් කිසිසේත් දෙබිඩි පිළිවෙත් අනුගමනය නොකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ මේ වන විට ජීවන වියදම ද ඉහළ ගොස් ඇති බවත්, ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවය.

අප රටේ ලක්ෂ 220 ජනතාව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් බැට කා යළිත් වත්මන් රජයෙන් ද බැට කන බවත් අද වන විට බොරු පොරොන්දු වලින් ද බැට කන බව ඔහු කියා සිටියේය.

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව පොදු ජනතාව බවත් බලයට පැමිණි පසු විධායක ජනාධිපතිවරයා ලෙස සියලු සහන ලබා දෙන බවත් බඩු මිල, තෙල් මිල, විදුලි බිල, බදු ආදිය අඩු කරනවා කිව්වත් කිසිත් නොවු බවත් මේ සියල්ල විධායක ජනාධිපති බලතල යටතේ කල හැකි වුවත් තවමත් කර නොමැති බව සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

කොමිස් බදු වංචා දුෂණය නිසා තෙල් මිල ඉහළ ගොස් ඇති බව පැවසුවත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ එවැනි වංචා දූෂණ ගැන දැන ගන්නට නොමැති බවත් මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට ඒවා කළ නොහැකිව ජනතාව අනාථ කර ඇති බවත් විදුලි ඛිල අඩු කරනවා කියා කළේද එය බවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර වල මිල පාලනය කර ගත නොහැකිව පොල් පෝලිමක් පවා පැමිණි බවත් කියපුවා නොකර ජනතාව අනාථ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

බදු අඩු කරනවා කියා ජනාධිපතිවරයා අද වන විට IMF එක ඉදිරියේ දණ නමා IMF එකේ සිරකරුවකු වී ඇති බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් පිහිටුවන්නට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන්න කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් කියා සිටියේය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved